දිස්ත්‍රික්ක පහක රෝහල්වල වෛද්‍යවරුන් හෙට (20) දිනයේදී වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ස්ථානමාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරිම සම්බන්ධයෙන් විරෝධය පා මෙම වැඩ වර්ජනය ආරම්බ කරන බව සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු කියයි.
මෙම වැඩ වර්ජනය මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික් පහ තුළ පිහිටි සියලුම සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනයේ නියැලෙන බව හෙතෙම පැවසීය.
සෞඛ්‍ය ලේකම්වරයා හමුදා මානසිකත්වයෙන් කටයුතු කිරීම හේතුවෙන් නීත්‍යානුකූල කටයුතු ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය සෙනාල් සදහන් කරයි.
වැඩවර්ජනය පැවතියද රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන නමුත් රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාරයන් හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවා බිද වැටීමේ වගකීම සෞඛ්‍ය ලේකම්වරයා භාරගත යුතු බව ද හෙතෙම පැවසීය.







