මහනුවර උසස් බාලිකාවක උසස් පෙළ පන්තියක ඉගනුම ලබන දැරිය සම්බන්ධව මෙතෙක් කිසිම හෝඩුවාවක් ලැබී නැති බව පොලිසිය කියයි.
පසුගිය 09 දා සිට මෙම සිසුවිය අතුරුදහන් වී ඇතැයි ඇයගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණි.
මේ වනවිට එම දැරියගේ සමීපතම යෙහෙළියන් ප්‍රශ්න කෙරෙන බවත්, දුරකථන ජාල පරීක්ෂාවන් ආරම්භ කර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.
දැරියගේ පෙම්වතා යැයි කී පුද්ගලයා ඇය මහවැලි ගඟට පැන සිය දිවි නසාගත් බව පැවසුවත් ඒ සම්බන්ධව තවම නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී තිබේ. එම තරුණයා මේ වනවිට වනවිට රිමාන්ඩ් භාරයේ පසුවේ. ඔහු වෙනත් තරුණියකට යැවූ එස්.එම්.එස් පණිවිඩයක් මුල්කරගෙන ඇතිවුණු ආරවුලක් දුරදිග ගොස් දැරිය මහවැලි ගඟට පැන්න බව එම තරුණයා පොලිසියට කියා තිබිණි.
ඒ බව කිසිවෙකුට නොදැන්වූයේ ඇයි දැයි විමසූ විට තරුණයා පවසා ඇත්තේ ඒ සඳහා ඔහුට වගකීමක් නැති බවක් යැයි දැනගන්නට ඇත.







