දිස්ත්‍රික්ක තුනකට අයත් ජලාශ හතරක් අශ්‍රිතව වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
එම මධ්‍යස්තාන අද (12) පෙරවරු 6.00 නිකුත් කළ තත්ත්ව වර්තාව මඟින් මේ බව අනාවරණය කරනු ලැබීය.
ඒ අනුව, අනුරාධුපර දිස්ත්‍රික්කයේ කළා වැව, රාජාංගනය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ වෙහෙරගල යන ජලාශ වල වාන් දොරටු මෙලෙස විවෘත කර තිබේ.
කළාවැවේ වාන් දොරටු 2ක් අඩි 4 බැගින්ද, රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 2 බැගින්ද, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 3ක් අඩි 2 බැගින්ද වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 2ක් අඟල් 3 බැගින්ද විවෘත කර ඇත.
මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය බවත් ඌව පළාතෙත් මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාරත්මේන්තුව සඳහන් කරයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.







