කීර්ති ප්‍රනාන්දු –
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ රතු අවදානම් නිවේදන නිකුත් කර තිබේ .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළ එම නිවේදනයට අනුව:-කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, පාලින්දනුවර , බුලත්සිංහල . නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව .රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ , සහ කලවාන ප්‍රදේශ සඳහා නාය යාමේ රතු නිවේදනය නිකුත් කර ඇත .
මේ අතර කොළඹ, කළුතර ,ගාල්ල, නුවරඑළිය ,කෑගල්ල ,සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තවත් ප්‍රදේශ කිහිපයක් සඳහාද නාය යාමේ අනතුරු අඟවා නිවේදන නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළ එම නිවේදනය පහතින් බලා ගත හැක .








