මනම්පිටිය – නිමල් ජයරත්න –
අභිනව දිඹුලාගල සේනාසනාධිපති ධුරයට දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පත් කර තිබේ. අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහනායක අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පස්වන සේනාසනාධිපති වහන්සේ වෙන දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියන් පළාතේ ආගමික, ශාසනික, සමාජ ,මෙහෙවර උදෙසා කැපවූ නායකත්ව පෞරුෂයෙන් අනූන හිමි නමකි. ප්‍රදේශයේ ගොවි ගැටලු මෙන්ම ජනතාවගේ ජීවන අර්බුදයේ දී ගැටලු විසඳා ගැනීම සඳහා උන්වහන්සේ නායකත්වය දුන් ආකාරය පසුගිය වකවානුව පුරාම කැපී පෙනුනේය.
මෑත ඉතිහාසයේ දී ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මුල්ම සේනාසනාධිපති වූයේ කිතලගම සීලාලංකාර නායක ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළේය.
ඉන් පසු මල්දෙණියේ ජිනාලංකාර , මිල්ලානේ සිරියාලංකාර, සිංහපුර චේතියාලංකාර යන නායක ස්වාමීන් වහන්සේලා විසින් සේනාසනාධිපති ධූර දැරූහ.
සිංහපුර චේතියාලංකාර ස්වාමින් වහන්සේසේ මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවෙති. අභිනව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ලෙස දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පත් වන්නේ ඒ අනුවය.









