අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම!

by editor
සැප්තැම්බර් 27, 2023
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් පස් දෙනෙක්  වෙත කොළඹ මහාධිකරණය  අද (27) මරණීය දණ්ඩනය නියම කළේය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලද සැලසුම් සහගත මෙහෙයුමකින් අනතුරුව වර්ෂ 2019.11.04 දින ගැඹුරු මුහුදේ දී “බුද්ධිමා” නැමැති බහුදින ධීවර යාත්‍රාවෙන් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 224ක් සහ ග්‍රෑම් 166ක් සමග අත් අඩංගුවට ගත්     සැකකරුවන් 05 දෙනෙක් අරභයා කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙසේ කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණ දණ්ඩනය නියමවූයේ වර්ණකුලගේ චමින්ද රෝහණ ප්‍රනාන්දු ( තොඩුවාව), රණසිංහ ආරච්චිලාගේ ඇන්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු  (හලාවත) , ගජවීර ආරච්චිලාගේ දුලාජ් රවින්ද්‍ර පේරේරා (හලාවත), ලියවුරුගේ සුරංග බාලංඥ ( තොඩුවාව), වර්ණකුලසූරිය තරිඳු ජයමාල් ප්‍රනාන්දු (හලාවත)  යන පුද්ගලයින් වෙතය.

වර්ෂ 2019.11.04 දින ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් කරන ලද මෙම මෙහෙයුමේ දී මුලින්ම  අඩංගුවට පත් වන්නේ බුද්ධිමා බහුදින ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් සැකකරුවන් පස් දෙනා ය.  අනතුරුව මෙම මත්ද්‍රව්‍ය තොගය  ගොඩබිමට රැගෙන යෑම සඳහා  කුඩා ධීවර බෝට්ටුවක  පැමිණි සැකකරුවන් දෙදෙනෙක් ද, ඔවුන් සියලු දෙනා අත් අඩංගුවට ගැනීමෙන් පසු තවත් සැකකරුවෙක් ද  නාවික හමුදාව විසින්  අත් අඩංගුවට ගෙන තිබිණි.

පසුව මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ රංගල නාවික හමුදා කඳවුරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන ආරම්භ විය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

රස පරීක්ෂක වාර්තාවෙන් අනතුරුව  සැකකරුවන් භාරයේ තිබූ  ශුද්ධ හෙරොයින් ස්කන්ධය කිලෝ ග්‍රෑම් 152යි ග්‍රෑම් 341ක් බව අධිකරණයට වාර්තා කෙරනි.

නඩු විභාගය අතරතුර  මෙම සැකකරුවන් අට දෙනාගෙන් තිදෙනෙක් නිතීපති උපදෙස් මත මුදා හැරුණු අතර පස් දෙනෙක් විෂයෙහි හෙරොයින් කිලෝ ග්‍රෑම් 152යි ග්‍රෑම් 341 ජාවාරම් කිරීම,  සන්තකයේ තබා ගැනීම, යන අධි චෝදනා යටතේ දීර්ඝ නඩු විභාගයක් පවත්වන ලදී.

එම චෝදනා තුනටම වරදකරුවන් කළ චූදිතයින් පස් දෙනාට අද (27) කොළම මහාධිකරණය අංක (03) මගින් මරණීය දණ්ඩනය නියම කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ධුරයට දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පත් කරති!

Next Post

නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.