බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක… අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව…

by editor
සැප්තැම්බර් 28, 2023
in පුවත්
Danushka
Share on FacebookShare on Twitter

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඔස්ට්‍රේලියාවේ දී  අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටි ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය අද  (28) නියෝග කළේය.  

ඔප්පු කර ඇති සාක්ෂි අනුව ධනුෂ්ක ගුණතිලකට ලිංගිකව එක්වීමේදී කොන්ඩමයක් ගලවා ගැනීමට “අවස්ථාවක්” නොමැති බවත්,  පොලිස් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ  සත්‍ය බවත්  ඒ අනුව ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර චෝදනාවකට වරදකරු නොවන බව සිඩ්නි විනිසුරුවරයා විසින් අද සිය තීන්දුව ප්‍රකාශ කරමින් පැවසුවේය.

2022 නොවැම්බර් 2 වන දින නැගෙනහිර තදාසන්න නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් සමඟ ඇයගේ එකඟතාවයකින්  තොරව ලිංගිකව හැසිරීම සම්බන්ධව ධනුෂ්ක ගුණතිලක චෝදනා ලැබූ අතර  ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරු සාරා හගෙට් ඉදිරියේ උක්ත නඩුව විභාග වූයේය.

විනිසුරුවරියගේ ප්‍රකාශය

බ්‍රහස්පතින්දා සිය  තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය මෙසේ  කීවාය.

“චූදිතයාට කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොතිබූ බව සාක්ෂි මගින් තහවුරු වේ… ඒ එම සංසර්ගය අඛණ්ඩව පැවති බැවිනි.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නඩු විභාගයේදී ඩැනී ලෙස හඳුන්වන ගුණතිලකට එම කාන්තාව ඔක්තෝම්බර් 29 වන දින ටින්ඩර්  හරහා මුණ ගැසුන  අතර වීඩියෝ ඇමතුම් ඇතුළුව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හරහා ඇය ඔහුට කතා කළාය. “

ඔවුන් ඔපෙරා බාර් හි  මධුවිතක්  සඳහා මුණගැසුණු අතර පසුව ෆ්‍රැන්කීස් පීසා හි රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු පැමිණිලිකාරියගේ නිවසට යෑමට ෆෙරි යාත්‍රාවක් ගත්තේය.    එහිදී  ඇය ගිටාරය වාදනය කරමින් ගායනා කරන ආකාරය ගුණතිලක විසින් පටිගත කළේය.”

“එම වීඩියෝ මගින් ග්‍රහණය කර ගත් මනෝභායෙහි  සැහැල්ලුවක් , ප්‍රීත්‍රියක්   සහ සෙල්ලක්කාර බවක් පෙනෙන්නට තිබුණි,” විනිසුරුවරිය කීවාය.

පැමිණිලිකාරිය   “සිතාමතා බොරු සාක්‍ෂි දීමට ඇති ආශාවෙන්” යුතු සාක්‍ෂිකාරියක් ලෙස නොවුනත් “චූදිතයාට අවාසි සහගත ලෙස තත්වරය රූපණය කිරීමට  පෙළඹී ඇති” බවට හැඟීමක් ඇති වූ අවස්ථා ඇති බවත්  විනිසුරුවරිය පෙන්වා දුන්නාය.

දින දෙකක් පුරා සාක්ෂි දුන් කාන්තාව, ගුණතිලක තමාව බලහත්කාරයෙන් සිපගත් බවත්, තම නිවසට යන තොටුපළේදී ඇගේ තට්ටම්වලට පහර දුන් බවත්, විවේකාගාරය  පිටුපසට තල්ලු කරමින් සැඟවී සිටි බවත් චෝදනා කළාය. එහෙත් හරස් ප්‍රශ්නවල දී ඇය “අපි මගේ කාමරයට යමු” යැයි පැවසූ බව විනිසුරුවරිය පෙන්වා දුන්නාය.

තම නිදන කාමරයේ විනාඩි 10ක් 15ක් බලහත්කාරයෙන් සංසර්ගයේ යෙදී සිටියදී ගුණතිලක අවම වශයෙන් තුන් වතාවක් තම හුස්ම හිර කර ඇගේ තට්ටම්වලට පහර දුන් බව කාන්තාව කියා සිටියාය.

ලිංගික සංසර්ගය අවසන් වී තත්පර තුනක් හෝ පහක් ඇතුළත තම නිදන කාමරයේ බිමෙහි කොන්ඩම් එකක් තිබෙනු තමා දුටු බව ඇය පැවසුවාය. කොණ්ඩමය රහිතව තමන් සමග ලිංගික සංසර්ගයේ යෙදුන බව ගුණතිලකට චෝදනා කළ කාන්තාව ඔහු එය එහි විසි විසිකරනවා දැක නැති බව ද අධිකරණයේ දි කියැවිනි.

CCTV  දර්ශනවල  මෙම යුවල  ඔපෙරා අවන්හලෙන් එක්ව   පිටව යන ආකාරය දක්නට ලැබෙන බවට වූ දර්ශන අධිකරණයට ඉදිරිපත් විය. .

අභිචෝදකගේ තර්කය

අභිචෝදක ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් ලිංගික කථාංගය ඉදිරිපත් කරමින් කීවේ ගුණතිලකගේ හැසිරීම කාන්තාව  බලාපොරොත්තු වූ හෝ අවශ්‍ය වූ දෙයට වඩා බෙහෙවින් වෙනස් වූ එකක් බවය.   “ඇයගේ පැහැදිලි විරෝධය නොතකා    ඔහුගේ කොන්ඩමය ඉවත් කළ බවත් එය   සම්පූර්ණයෙන්ම ඇයගේ කැමැත්තට පටහැනි වූ බවත් අභිචෝදකවරයා පැවසුවේය.

ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ්,  පැවසුවේ ගුණතිලකට ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ඉවත් කිරීමට “කවුළුවක්” නොතිබූ බවය. නීතිඥවරයා කීවේ එම කාන්තාව එය “අඛණ්ඩ ලිංගික ක්‍රියාකාරකම්” ලෙස විස්තර කර ඇති බවත්ය.

“එය අවසන් වේ. සාක්ෂි සහිතව අවශ්‍ය ප්‍රමිතියට තබා ක්‍රවුන් අධිකරණයට   මෙම නඩුව කිසිසේත් ඔප්පු කළ නොහැකියි ”තංගරාජ් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් තොටුපළ බලා පිටත්ව යද්දී නොවැම්බර් 6 වැනිදා අලුයම හයට් රීජන්සි හෝටලයේදී ගුණතිලක අත්අඩංගුවට පත්විය.

ඔහු පොලිසියට ඔහුගේ හෝටල් කාමරය පරීක්ෂා කිරීමට ඉඩ දුන් අතර එහිදී ඔතා ඇති කොන්ඩම් දෙකක් අඩංගු බර්බෙරි සැට්ල් බෑගයක් සොයා ගන්නා ලදී.

”  අවශ්‍ය  අවස්ථාවකදී කොන්ඩම් පැළඳීම සඳහා   භාවිතයට නොගත් කොන්ඩම් දෙකක් ඔහු සතුව තිබී ඇත”   අධිකරණයේ දී කියැවිනි.

ධනුෂක්ගේ සාක්ෂිය

ගුණතිලක පැය දෙකහමාරක් වාර්තාගත සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය. “කොයි මොහොතක හෝ ඔබ කොන්ඩම් නොමැතිව ඔබේ ලිංගය ඇය තුළට ඇතුල් කළාද?” පොලිසියෙන් විමසා ඇත. ගුණතිලක පිළිතුරු දුන්නේ “නෑ, නෑ, නෑ.” යනුවෙනි.

තමා කොන්ඩම් සමඟ ලිංගිකව හැසිරීමට අකමැති බව එම කාන්තාවට පැවසූ බවත්, කොන්ඩම් පැකට්ටුවක් එළියට ගත්තේ ඇය බවත් ධනුෂ්ක මෙම සාක්ෂි විමසීමේ දී  පිළිගෙන තිබිණි.

“මම කවදාවත් කොන්ඩම් නැතුව ලිංගිකව එක් වන්න   ඕනේ  කියලා කිව්වේ නැහැ, අපි කොන්ඩම් පැළඳගෙන ලිංගිකව එකතු වුනා ,” ගුණතිලක පැවසීය.

විනිසුරුවරිය පැවසුවේ ගුණතිලක “සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන් අතර, ඔහු සත්‍යවාදී වීමට සහ පොලිසියට සහාය වීමට  උපරිමයෙන් කටයුතු කරන බවට  පැහැදිලි හැඟීමක්  තමන්ට ඇති වූ බවය.

“එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැවසූ දේ ප්‍රතික්ෂේප කිරීමට හෝ අවිශ්වාස කිරීමට කිසිසේත්ම හේතුවක් නැත,” විනිසුරුවරයි වැඩිදුරටත් කීවාය.

ගුණතිලක “සතෙකු බවට පත් වූවා” සහ “ඇත්තටම භයානක දෙයක් සිදු වුනා” යැයි මිතුරන්ට කියමින් කාන්තාව හඬා වැලපුණු බවට වූ කතාවක් උසාවියේ දි ​​ඇසිණි. කොන්ඩමය සම්බන්ධයෙන් ඇය ඔවුන්ට පැවසුවේ “ඔහු එය ගලවා දැමුවේ දැයි මා දන්නේ නෑ” සහ “මට ඒ ගැන විශ්වාසයක් නෑ…  , මට එවැනි  හැඟීමක් තිබේ” යනුවෙනි.

විනිසුරුවරිය මෙසේ කීවාය.    “මගේ මතය අනුව, පැමිණිල්ලේ සාක්ෂි පැමිණිල්ලට  සහාය දෙනවාට වඩා පැමිණිල්ල දුර්වල කරයි.”

ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි තංගරාජ් පැවසුවේ, කාන්තාව “විශ්වාස කළ නොහැකි බවේ ආදර්ශයක්” බවය.

තොටුපළේ ඇති CCTV මඟින් මෙම යුවළ සිප ගනිමින් වැළඳ ගන්නා ආකාරය පෙන්නුම් කළ අතර, එය ඔහුගේ සේවාදායකයා බලහත්කාරයෙන් හා ආක්‍රමණශීලී වූ බවට ඇයගේ ආඛ්‍යානයට නොගැලපෙන බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු ක්‍රිකට් තහනමකට ලක් විය. ඔහු 2015 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි අතර ටෙස්ට් තරග 8ක් ඇතුළුව තරග 100කට අධික සංඛ්‍යාවකට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. ඔහු T20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය නමුත් එක් තරඟයක් ක්‍රීඩා කිරීමෙන් පසු මස්පිඬු ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් විය.

නඩු විභාගයට පෙර මාධ්‍යය මේ සම්බන්ධව දැක්වූ  උනන්දුව හේතුවෙන් ඔහුට විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් ලබා දෙන ලදී.

ඔහු තම ඉපැයීම්වලින් තම දෙමාපියන්ට මූල්‍යමය වශයෙන් ආධාර කළ බව උසාවියේදී ප්‍රකාශ වීමත් සමග   දෙපාර්ශවයේ  එකඟතාවයෙන් නඩු කටයුතු කඩිනම් කරන ලදී. (The Sydney Morning Herald)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරාම් කරුවන් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම!

Next Post

දෙවැනි වාරිකය මුදා හැරීමට එකඟවිය හැකි නිශ්චිත කාල රාමුවක් නෑ… ලංකාවේ සංචාරය නිමා කරමින් IMF  දූත මණ්ඩලය දැනුම් දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.