පුරා දින 04ක් තිස්සේ එකම ගෑස් සිලින්ඩරයක්වත් වෙළෙඳපලට නිකුත් නොකළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. කොළඹට පැමිණි දෙවැනි ගෑස් නැවත් ප්‍රතික්ෂේප වීමේ තත්වය තුළ ගෑස් තොග නොමැති බවත්, දැනට සංයුතියේ වෙනසක් කළ ගෑස් ටොන් 2000ක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට නොයොදා කර්මාන්ත සඳහා මුදා හැරීමට ගෙන ඇති තීන්දුවත් සමග ගෑස් හිඟයක් ඇතිවී තිබෙන බව එම ආරංචි මාර්ග කියයි.
කොළඹට පැමිණි ගෑස් නැව් දෙකක් ගෑස් සංයුතියේ ඇති ගැටලුකාරී තත්වයක් නිසා පාරිභෝගික අධිකාරිය විසින් ගොඩ බෑමට අවසර දී නැත. ගෑස් නැව් මෙරටට පැමිණ මේ වනවිට දින 5 කට අධික කාලයක් ගත වී ඇති බවත් එම නැවු වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බවත් වාර්තා වේ.
සාමාන්‍යයෙන් ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝජනයෙන් දින තුනක් සඳහා පමණක් බවත් ඒ අනුව දින තුනකට වරක් නෞකාවක් වරාය වෙත පැමිණෙන බවත් මෙලෙස පැමිණි නෞකා දෙකක් වරාය තුළ සිර වීම හේතුවෙන් මෙම ගෑස් අර්බුදය උද්ගත වී ඇති බවත් ලිට්‍රෝ සමාගම කියයි.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල දෛනිකව පරිභෝජනය වන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 85,000 කට ආසන්නය.







