කීර්ති ප්‍රනාන්දු –
නොරොච්චෝල තාප විදුලි බලාගාරය තුළ සිදු වූ හදිසි බිඳවැටීම හේතුවෙන් විවිධ ප්‍රදේශ වලට වරින්වර විදුලිය විසන්ධි වනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු ලංකාසරට පැවසීය.
දිවයිනේ ප්‍රදේශ රැසක මේවන විට විදුලිය විසන්ධි වී ඇතැයිද එම ප්‍රකාශකයා පවසයි.
අද දහවල් දිවයිනපුරා සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් පසුව ඇතැම් ප්‍රදේශ වලට නැවත විදුලි බලය ලැබී යථා තත්ත්වයට පත් වී තිබිණ.
මේ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය ඉංජිනේරු වරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගෙන් අප කළ විමසීමේ දී ඔහු පැවසුවේ නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ බිදවැටීමක් සිදුවුවහොත් එය යථා තත්ත්වයට පත් වීමට දින දෙකක් පමණ ගත වන බැවින් එතෙක් වරින් වර විවිධ ප්‍රදේශ වල විදුලි විසන්ධි වීම් සිදුවීමට ඉඩ ඇති බවය.