පාකිස්ථානයේ සියල්කොට් හී අමානූෂීය ලෙස ශ්‍රී ලංකිකයකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විටත් පාකිස්ථාන බලධාරීන් සමඟ අවශ්‍ය තොරතුරු තහවුරු කරගැනීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මේවන විට ඉස්ලාමාබාද් හී පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් පාකිස්ථාන බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් සිද්ධියට අදාල තොරතුරු තහවුරු කරගනිමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංය සඳහන් කරයි.
පාකිස්ථාන බලධාරීන් විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නිසි පියවර ගනු ඇති බවටත් යුක්තිය ඉටුකිරීමට පියවර ගනු ඇති බවටත් අපේක්ෂා කරන බවද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.