පකිස්ථානයේ සියල්කෝට්හි ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස පහර දී ප්‍රසිද්ධියේ ඝාතනය කර පුළුස්සා දැමීමේ අමානුෂික සිද්ධිය පිළිබදව රටක් ලෙස ලජ්ජාවට පත්වන බවත්, මේ සිදුවීමට සිය දැඩි අප්‍රසාදය පල කරන බවත් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් සිදුවන සෑම පරීක්ෂණයක් පිළිබඳවම තමන් ඉතා දැඩි ලෙස අවධානය යොමු කරන බව කියන අගමැතිවරයා කිසිදු මගහැරීමකින් තොරව සිද්ධියට සම්බන්ධවූ සියලු දෙනාටම උපරිම දඬුවම් බලා දීමට කිසිසේත් පසුබට නොවන බව කියයි.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිටත් අත්අඩංගුවට ගනිමින් සිටින බව එම ට්විටර් පණිවිඩය දක්වයි.
The horrific vigilante attack on factory in Sialkot & the burning alive of Sri Lankan manager is a day of shame for Pakistan. I am overseeing the investigations & let there be no mistake all those responsible will be punished with full severity of the law. Arrests are in progress
— Imran Khan (@ImranKhanPTI) December 3, 2021