ගෑස් අනතුරු සම්බන්ධව වගකීම ගෑස් සමාගම් විසින් භාරගත යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ ගෑස් සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබඳව පැහැදිලි කිරීමට කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
ගෑස් සැපයීම නතර කර තිබුනේ ප්‍රොපේන් බියුටේන් ප්‍රතිශතය පමණක් නොව, ගෑස් කාන්දුවක දී ඒ බව හඳුනා ගත හැකි ගන්ධය නිකුත් කරන එතිල් මර්කැප්ටන් නම් රසායනයත් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නියමිත ප්‍රමිතියට සිය ගෑස් සංයුතියට එක් කර නැතැයි හෙළි වීමත් සමගය.
ගෑස් කාන්දුවක් ඇතිවන අවස්ථාවේ දී ඒ බව සන්නිවේදනය කරන ගන්ධය ඇතිකරන එතිල් මර්කැප්ටන් රසායනය සමස්ථ ගෑස් ප්‍රතිශතය තුළ ඒකක 14ක් අඩංගු විය යුතු වුවත් එය පවතින්නේ ඒකක 05ක් පමණක් බව වාර්තා වී ඇත.
අමාත්‍යවරයාගේ නියමය අනුව දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අත්හිටුවා තිබේ.