බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දිත්වා” රටට කළ ඍජු හානිය   ඇමරිකානු ඩොලර් බිලියන 4.1යි… ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි!

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවී ඇති ඍජු භෞතික හානිය   ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් බව    අද (22) නිකුත් කර  ඇති  ලෝක බැංකු සමූහයේ ගෝලීය වේගවත් පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තු   වාර්තාවක් (World Bank Group Global Rapid Post‑Disaster Damage Estimation (GRADE ) හෙළි කර තිබේ.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% කට පමණ සමාන මෙම අගය ජාතියේ භෞතික වත්කම්වලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්,  එට ඉදිරි යථා තත්ත්වයට පත්වීමේ පරිමාණයට තියුණු බලපෑමක් ඇති කරනු ඇති බවත් අවධාරනය කරයි.

මෑත ඉතිහාසයේ  වඩාත්ම තීව්‍ර හා විනාශකාරී සුළි කුණාටුව – දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2 කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000 කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපෑ අතර, ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේව ඇතුළුව සමස්ථ ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කරමින් බාධා ඇති කළේය.

කෙසේ වෙතත් මෙම වාර්තාව ආදායම්වලට හෝ නිශ්පාදනයන්ට අදාල පාඩු හෝ ප්‍රතිසංස්කරණයන් සඳහාවන සම්පූර්ණ පිරිවැය ඇතුළත් කර නැති බවත් සැබෑ ප්‍රතිසාධන අවශ්‍යතා සහිත ප්‍රධාන හානි ඇස්තමේන්තුව ඉදිරිපත් කළ අගයට වඩා  සැලකිය යුතු ලෙස ඉක්මවා යනු ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

මධ්‍යම පළාත විශාලතම හානියට මුහුණ දුන්  අතර, මහනුවර දිස්ත්‍රික්කයේ හානි ඇමරිකානු ඩොලර් මිලියන 689 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

රට පුරා, මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ජල සැපයුම් ජාල ඇතුළුව යටිතල පහසුකම් ඇමරිකානු ඩොලර් බිලියන 1.735 (42%) ක දැවැන්ත හානියක් වාර්තා කර ඇත.

වාර්තාව ප්‍රකාරව නේවාසික ගොඩනැගිලි සහ  සම්බන්ධ ඉදිකිරීම්වලට සිදුවූ හානිය ඇමරිකානු ඩොලර් මිලියන 985 කි.

කෘෂිකාර්මික අංශයට ඇමරිකානු ඩොලර් මිලියන 814 ක හානියක් සිදුවී තිබේ. මෙම හානිය දැනට අවදානමට ලක් විය හැකි ප්‍රජාව තුළ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා බරපතල අවදානම් ඇති වනකරන බවද වාර්තාව සලකුණු කරයි.   වී සහ එළවළු භෝග, යැපුම් ගොවිතැන, බඩ ඉරිඟු, පශු සම්පත්, කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ අභ්‍යන්තර ධීවර කර්මාන්තයට එල්ල කළ හානිය  ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ජීවනෝපායන් සඳහා බරපතල අවදානම් ඇති ඇති බවද එහි දැක්වේ.

සුළි කුණාටු බලපෑමට ලක් වූ ප්‍රදේශවල අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සැපයීම සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වලට බාධා කරමින් සිදුකළ ව්‍යසනය ඇමරිකානු ඩොලර් මිලියන 562 ක් බවද වාර්තාවේ සඳහන්ය.

ලෝක බැංකු සමූහය දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ  යථා තත්ත්වයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් – සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය නගාසිටුවමින් ජන ජීවිතය යථාවත්  කිරීමට සහාය වීම සඳහා අඛණ්ඩ ව්‍යාපෘති වලින් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක් දක්වා ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද වාර්තාවේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෝටි 30ක් වැය කර ගන්න හදන ස්කෑන් යන්ත්‍ර 02ක පසුපස ඇති ගේමක් රජයේ විකිරණවේදීන්ගේ සංගමය හෙළි කරයි…

Next Post

මාලිමාව කොළඹ මහ නගර සභා අය – වැය පරදී…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.