සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 30ක් වැය කර ගන්න හදන ස්කෑන් යන්ත්‍ර 02ක පසුපස ඇති ගේමක් රජයේ විකිරණවේදීන්ගේ සංගමය හෙළි කරයි…

by editor
දෙසැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

මේ වන වන විට බස්නාහිර පළාත් සභාව විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මැමෝග්‍රෑම් (Mammogram) යන්ත්‍රයක් සහ  අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සඳහා සීටී ස්කෑන් (CT  Scanner) යන්ත්‍රක්   නිසි ක්‍රමවේදයෙන් බැහැරව  මිලදී ගැනීමට   කඩිනමින් කටයුතු සිදු කරමින් සිටින බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල සඳහා මිලදී ගැනීමට අපේක්‍ෂිත මැමෝග්‍රෑම් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 100 ක් සහ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී ස්කෑන් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 200 වෙන්කොට ඇති බවද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම  පවසා සිටියි.

 ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා භාවිතා කරන මැමෝග්‍රෑම් යන්ත්‍රය මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටියේදී සෞඛ්‍ය ලේකම්වරයාගේ චක්‍රලේඛ ප්‍රකාරව එම යන්ත්‍රයේ අවසාන භාවිතාකරු වන විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු තාක්ෂණික ඇගයීම් කමිටුවට සම්බන්ධ කරගෙන නොමැති අතරම තාක්ෂණික ඇගයීම් කමිටුවට  පත්කර සිටි විශේදෂඥ වෛද්‍යවරියද එම කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි ද හෙතෙම පැවසුවේය.

විශේෂයෙන්ම මැමෝග්‍රෑම් යන්ත්‍රයක් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුතු රෝගී ආරක්ෂාව සහ පරීක්ෂණයේ නිවැරදිභාවය හේතුවෙන තාක්ෂණික කරුණු තාක්ෂණික පිරිවිතර ලැයිස්තුවට(Technical specification list) ඇතුළත් කොට නොමැති බව රජයේ විකිරණවේදීන්ගේ සංගමය පෙන්වා දුන්නේය. 

තෝරා ගත් සමාගමකින් යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය පරිදි මෙම පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයිද සංගමය අනාවරණය කළේය. 

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

තවද අවිස්සාවේල්ල  දිස්ත්‍රික් මහ රෝහලට මිලදී ගැනීමට නියමිත සීටී යන්ත්‍රය සඳහාද තාක්ෂණික ඇගයීම් කමිටුවට විකිරණ තාක්ෂණවේදී නිලධාරියකු  සම්බන්ධ කර ගෙන නොමැති අතර එම යන්ත්‍රය මිලදී ගැනීමේ දී ද තෝරාගත් සමාගම් කිහිපයක් සඳහා ගැලපෙන අයුරින් පිරිවිතර ලැයිස්තුව සකස් කොට ඇති බව වාර්තා වී ඇති බව සංගමයේ සභාපතිවරයා අනාවරණය කළේය.  

විශේෂයෙන්ම මෙන්ම මිලදී ගැනීමට සූදානම් වන යන්ත්‍රය එම රෝහලේ අවශ්‍යතාවයට වඩා ඉතා ඉහළ  යන්ත්‍රයක් වන අතර එම යන්ත්‍රය මිලදී ගැනීමෙන් ඉතා විශාල මුදලක් අනවශ්‍ය ආකාරයෙන් වියදම් වනු ඇති බවත්,  එම යන්ත්‍රය නඩත්තුව සඳහා වාර්ෂිකව ඉතා විශාල වියදමක් දැරීමට දැරීමටද සිදුවනුු ඇති බවත් රජයේ විකිරණවේදීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ මොහොතේ බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අංශ විසින් සිදුකරන මෙම මෙම ගැටලුකාරී ගනුදෙනු සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් සිදුකොට අදාළ රෝහල්වලට ගැලපෙන  රෝගීන්ගේ පරීක්ෂණ විශ්වාසනීය ආකාරයෙන් සිදුකර ගත හැකි යන්ත්‍ර නිසි සංයුතියකින් යුතු තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත්කොට මිලදී ගැනීම සිදුකරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මෙම දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් විමර්ශනය කොට වරදකරුවන්ට දඬුවම් පමුණවන ලෙස ද සංගමය විශේෂයෙන් දන්වයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්ල ටැක්සිවලට අලුත් නීති ගෙනා පොලිසියේ දෙදෙනාට ස්ථාන මාරු…

Next Post

“දිත්වා” රටට කළ ඍජු හානිය   ඇමරිකානු ඩොලර් බිලියන 4.1යි… ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.