ශ්‍රීමතී විජේරත්න.
කුරුණෑගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව දිට්වා සුළි කුණාටුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මියගිය ගණන දහනවයක් (19) බවට මේ වනවිට වාර්තා වීී ඇත.අතුරුදහන් වූ ගණන 37 කි.
මේ සුළි කුණාටු තත්ත්වය මත නොවැම්බර් 27 වෙනි දින සිට කුරුණෑගල සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නොකඩවා වැසි වැටුණ අතර, මේ හේතුවෙන් දැදුරු ඔය, මාගල්ල වැව, මැඩියා වැව, පාලු කඩවල වැව අතරගල්ල වැව, අබකොළ වැව , උස්ගල සියබලන්ගමුව වැව පිරී ඉතිරි වාන් දමන ලදී.
ප්‍රදේශයේ කුඹුරු සියල්ල ජලයෙන් යට වී ඇති අතර, බොහෝ මාර්ග අබලන්වී ඇත.
මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 42 ට පූර්ණ හානි සිදුව ඇති අතර පවුල් 499කට හානි සිදුවී ඇත. වාර්ථා වූ තුවාලකරුවන් ගණන 9කි.







