දැලිවල කොටවෙහෙරේ කොල්ල කෑ පුරා වස්තු අතර මෙතෙක් ඉතාම අප්‍රකටව පැවති බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කර ඇතැයි විශ්වාස කළ අති පූජනීය පළිඟුමුවා කරඬුවක් ද වන බව දැන් හෙළි වී තිබේ.
මෙම කරඬුවේ තැන්පත් කර ඇති කේශ ධාතුවක් මැනවින් දිස් වූ අතර එය වඩාත් වැඩි සංවාදයකට ලක් නොකර පර්යේෂණ සඳහා විවෘත නොකොට පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක පර්යේෂණ අනුව මෙම කරඬුව ඇතුළු කොල්ල කෑ රන් කරඬු හතත්, පිළිඟු කරඬු තුනත් නිසැකවම දේවානම් පියතිස්ස රජ දවසට අයත්ය.
මෙම ධාතූන්වහන්සේ මිහිඳු හිමියන් විසින්ම වැඩම කරවන ලද ඒවා බවත්, මෙම කරඬුවලින් ප්‍රධාන කරඬුව මිහිඳු හිමියන් ඉන්දියාවේ සිට වැඩමවාගෙන පැමිණි බවටත් වූ ශාස්ත්‍රීය මතයක් ද වේ.
කෙසේ වෙතත් මේ සෑම නිර්මිතයක්ම දෙවනපෑතිස් රජ සමයට අයත්, මිහිඳු හිමියන්ගේ උපදෙස් ප්‍රකාරව රාජකීය ලෝකුරුවන් සහ ගල් වඩුවන් විසින් කළ නිර්මිතයන් බව විද්වත් පිළිගැනීම වේ.
මේ සාහසික පුරාවස්තු කොල්ලය සිදුවී අදට (15) මාසයකුත් දවස් හතරක් ගතවී ඇතත් මේ ඒ සම්බන්ධව කිසිම තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොහැකි වී තිබීම බරපතල සැකයකට තුඩු දී ඇති බව වාර්තා වේ.
දැනට මෙම පර්යේෂණ භාරව ඉන්නේ අපාරධ විමර්ශන ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් අත්දැකීම් සහ විමර්ශන ඥානය සහිත රටේ සිටින දක්ෂම අපරාධ පවිමර්ශකයෙක් වීම එම සැකය තවත් තීව්‍ර කර ඇත.
වැඩිදුර කියවන්න…
රටේ සිදුවූ බිහිසුණුම පුරාවස්තු කොල්ලයට මාසයක් ඉවරයි… දැලිවල නායක හාමුදුරුවන්ට ප්‍රශ්න 14ක්….