පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මහනුවර පැරණි රජමාලිගා සංකීර්ණය සංරක්ෂණය කිරීම සදහා ඇස්තමේන්තුගත ඩොලර් දෙලක්ෂ හැටපන්දහසක මුදල මුලුමනින්ම ඇමරිකානු රජය විසින් පිරිනමා ඇත.
ඇමරිකානු අධාර යටතේ එම සංරක්ෂණය ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග් ගේ ප්‍රධානත්වයෙන් අද (15) එම මාලිගා සංකීර්ණයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇති කර ගන්නා ලද හවුල් ගිවිසුම අනුව පැරණි රජ මාලිගාව සංරක්ෂණය කිරීමට සමගාමීව, එහි ඇති කෞතුකාගාර අභිවෘද්ධි ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.
මෙම සංරක්ෂණ කටයුතු සියල්ල පුරා විද්‍යා දෙපාර්තමේන්තු අධීක්ෂණය මත සිදුකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කිරීම නිමිත්තෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග විසින් තානාපතිනිය වෙත ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහිත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
මෙම අවස්ථාව සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.බී.ජේ.බී.දිසානායක ඇතුලු පිරිසක් එක්වූහ.