රජයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලැබ ඇති දැවැන්ත විරෝධතා පෙළපාලිය මාවත් දෙකක් ඔස්සේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට මේ වනවිට පැමිණ තිබේ.
විරෝධතා පා ගමන් දෙකක් ලෙස ඔවුන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කළ අතර මෙම පෙළපාලි දෙකේම අති විශාල ජනතාවක් සහභාගී වී සිටින බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු බොහෝ දෙනකු විරෝධතා පා ගමනට එක්ව සිටින අතර සජිත් ප්‍රේමදාස ගාලු පාර සිට එන රැලියට එක්ව සිටියේය. අනෙක් පෙළපාළිය පැමිණියේ කොටුව දුම්රිය පොළ දෙසිනි.
මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වාහන ගමනාගමනය මුළුමනින්ම අවහිර වී තිබේ.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පවතින බරපතල අර්බුදය විසදීම ඇතුළු වැඩ පිළිවෙළකට රජයට බලකරමින් මෙම විරෝධතාව පැවැත්වෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාසයක් තුළ මෙම ප්‍රශ්න විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බල කිරීමක් මෙම මහා විරෝධතාවෙන් සංකේතවත් කරන බව එම විරෝධතාව ව්‍යාපාරයේ සංවිධායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු ලංකාසර ට පැවසීය.