සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැරිය ගැබිණියක් කළ සල්ලාලයාට බරපතල වැඩ ඇතිව 36 වසරක සිරදඬුවමක්…

by editor
පෙබරවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වසර 15කට පෙර කතරගමදී සිය බිරියගේ බාලවයස්කාර නැගණිය දූෂණය කර ගැබිණියක් කල 56 හැවිරිදි පුද්ගලයෙකුට වසර 36ක් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 15000/=දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස සිර දඩුවම්,දඩ හා වන්දි නියම වුයේ කතරගම පදිංචි දෙදෙරු පියෙකු වු හේරත් මුදියන්සේලාගේ වීරසේකර නැමති 56 හැවිරිදි පුද්ගලයෙකුටය.

චුදිත පුද්ගලයා 2008.02 01 දින සිට අවස්ථා කිහිපයකදීම කතරගම පිහිටි චුදිතගේ නිවසේ නතරවී සිටි බිරිදගේ බාලවයස්කාර නැගණියව රාත්‍රි නිදාගෙන සිටියදි අවදි කර දූෂණයට ලක් කර තිබේ.

එදින රාත්‍රියේම අදාල සිදුවීම සම්බන්ධයෙන් බාලවයස්කාරිය වේදනාවෙන් කෑ ගසා නිවසේ නිදා සිටි අක්කාට කතා කර ඇතත් ඇය අවදි වී නොමැති බව සිදුකල මුලික පොලිස් පිරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.

පසුවදා උදෑසන බාලවයස්කාරිය තමාට මස්සිනා අතින් සිදු වු කරදරය පිළිබදව අක්කාට පවසා ඇති අතර එහිදී අක්කා පවසා ඇත්තේ මෙම සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙසත් අයියා ඉල්ලන දෙයක් දි පාඩුවේ අයියා ශේප් එකේ තියා ගන්නා ලෙසත්ය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉන් බාලවයස්කාර දැරිය දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති අතර චුදිත පුද්ගලයාද ඉන් උපරිම ප්‍රයෝජන ගෙන තිබේ. මෙම සිදුවිම සිදුවන අවස්ථාව වන විට දැරියගේ මව හා පියා කොළඹ ප්‍රදේශයේ කුළී රැකියා සිදුකිරීම හේතුවෙන් දැරිය ආරක්ෂා සදහා මෙම චුදිතගේ නිවසේ නවතා තිබේ. එම නිවස  අගතියට පත් දැරියගේ බාල අක්කාගේ නිවසය. 

සිය අක්කාගේ සැමියාගෙන් සිදුවන මෙම කරදරය ඉවසා ගැනිමට නොහැකි වු තැන බාලවයස්කාරිය සිද්ධිය පිළිබදව කොළඹ සිටින අම්මාට දුරකතනයෙන් පවසා ඇති අතර ඇය නිවසට පැමිණියද ඇයද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිමට බිය වි තිබේ.

පසුව මාස කිහිපයකට පසු දැරිය ගැබි ගෙන ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව මෙම දැරියගේ වැඩිමහළු සහෝදරයා හා මව විසින් සිද්ධිය පිළිබඳව කතරගම පොලිසියට පැමිණීල්ලක් කර තිබේ. ඒ අනුව කතරගම පොලිසිය විසින් සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු  නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

එහිදී පැවති නඩු විභාගය අතර තුරදී චුදිත වරද පිළිගැනීම හේතුවෙන් චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි. 

ඒ අනුව චුදිතට එක් චෝදනාවකට වසර 12 බැගින් චෝදනා තුන සදහා වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. එමෙන්ම එක් චෝදනාවකට රුපියල් 5000/= බැගින් චෝදනා තුන සදහා රුපියල් 15000/=ක දඩයක්ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් මාස 18ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව අගතියට පත් බාලවයස්කාරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියෝග කල අතර  චුදිත එය නොගෙවන්නේ නම් තවත් අමතර වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

එමෙන්ම චුදිතට ලබා දුන් සිර දඩුවම වෙන් වෙන්ව ගෙවී යා යුතු බවටද නියෝග කෙරුණි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 248ක් සුන්බුන් අතර සිරවී සිටි තුර්කි කෙල්ලක් ජීවිතය බේර ගනී…

Next Post

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කෝටි ගණනක ගැහිල්ලක් විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.