භූමිකම්පාවෙන් පැය 248 කට පසු, තුර්කියේ කහ්රමන්මරාස් පළාතේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතරින් 17 හැවිරිදි ගැහැණු ළමයෙකු පණ පිටින් ගලවා ගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මින් පැය විසස්කට පෙර එනම් පළමු භූමි කම්පාවෙන් පැය 228 කට පසු තුර්කියේ ඇන්ටාක්‍යා හි මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා බේරා ගෙන තිබිණි.
මුදාගැනිමේ කණ්ඩායම් දිවි ගලවා ගත් අය සොයා ගැනීම දිගටම කරගෙන යයි:
මේ වනවට තුර්කි – සිරියාවේ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 42,000 කට ආසන්න වී ඇත.
තුර්කි බලධාරීන් පවසන්නේ රට තුළ පුද්ගලයින් 36,187 දෙනෙකු මියගොස් ඇති බවය. සිරියානු රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සිරියාවේ පුද්ගලයින් 5,800 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ “වැඩිම අවධානයට ලක්විය යුතු කලාපය” වයඹදිග සිරියාව වන බවය. එහි මානුෂීය ආධාර මන්දගාමීව ලබා දීම සම්බන්ධයෙන් කෝපය වර්ධනය වෙමින් පවතී.
දිවි ගලවා ගත් සිරියානු ජාතිකයින් මිලියන 5කට නවාතැන්, සෞඛ්‍ය සහ ආහාර සඳහා ආධාර කිරීමට එක්සත් ජාතීන් ඩොලර් මිලියන 397 ක ආධාර ඉල්ලා ඇත.







