මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයට අයත් ගබඩා කාමරයක අද පෙරවරුවේ සුලු ගින්නක් ඇති වී තිබේ.
එම ගබඩා කාමරය කන්ටේනර්යකින් සකස් කළ එකකි. කන්ටේනරය තුළ ලී සහ රෙජිෆෝම් ආශ්‍රයෙන් සැකසූ ගබඩා කාමරයේ විදුලි කාන්දුවිමක් හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබෙන බවට සැක කරන්නේ යැයි මේ සම්බන්ධව විමර්ශන සිදුකරන පොලිසිය පවසයි.
කැමරා කාච, පරිගණක උපාංග සහ ලිපි ද්‍රව්‍ය ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇතැයි දැගන්නට තිබේ. Soco විශේෂ පොලිස් ඒකකය විසින් මේ වනවිට ස්ථානීය පරික්ෂාවක් සිදුකර තිබේ.
තවදුරටත් පුළුල් පරික්ෂණයක් පවත්වන බව පොලීසිය පවසයි







