ලලිත් චාමින්ද –
යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දි 2016-2018 යන කාලසිමාව තුළ භාවිතා කරණු ලැබු පස් හා වැලි කියුබ් සදහා අයවිය යුතු රුපියල් දෙකෝටි හෑත්තෑහතර ලක්ෂ,දහනමදහස්,හයසිය අනුවක (27,419,690) රාජ්‍යභාගය කොන්ත්‍රාත්තුව සිදුකරණු ලැබු චින සමාගම විසින් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි කාලසිමාව තුල යන්ඔය ව්‍යාපෘතිය ඉදිකිරිමේ දි පස් කියුබ් දහතුන්ලක්ෂ,හතලිස් තුන්දහස්, අටසියදහයක් (1,343,810) සදහා අදාල කොන්ත්‍රාත් සමාගමෙන් අයවිය යුතු රාජ්‍යභාගය රුපියල් දෙකෝටි හැටඅටලක්ෂ, හෑත්තෑහයදහස් දෙසියකි (26,876,200) එමෙන්ම වැලිකියුබ් තුන්දහස් තුන්සිය අනුහතක් සදහා (3 397) අයවිය යුතු රාජ්‍යභාගය රුපියල් පන්ලක්ෂ,හතලිස් තුන්දහස් හාරසිය අනුවකි (543,490) ඉකුත් වර්ෂය අවාසන වනවිටත් මෙකි මුදල අයකරගෙන නොතිබු අතර මෙම හිග මුදල නොපමාව අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද භු විද්‍යා සමික්ෂණ හා පතල් කාර්යංශය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ අදාල රාජ්‍යභාගය ගෙවන ලෙස යාන්ඔය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවු චින සමාගමට හා ව්‍යාපෘතියේ හිමිකාරිත්වය දරණ වාරිමාර්ග දේපාර්තමේන්තුව වෙත දන්වා ඇති බවය. මෙතෙක් ඔවුන් විසින් එම ගෙවිම සිදුකිරිමට කටයුතුකර නොමැති බවද කාර්යංශය විසින් විගණනයට සදහන් කොට ඇත. මේ පිළිබද ඉදිරියේ දි වාර්මාර්ග දේපාර්තමේන්තුව හා භු විද්‍යා සමික්ෂණ හා පතල් කැනිම් කාර්යංශය සාකච්ඡා කිරිමට නියමිතව ඇත. භු විද්‍යා සමික්ෂණ හා පතල් කැනිම් කාර්යංශය විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වේ.