ශ්‍රියානි විජේසිංහ
ප්‍රතිශක්තිකරණයට බිය නොවී දරුවන් එන්නත් ලබා දෙන්නැයි එසේ නොවුනහොත් වසා දමා ඇති පෝලියෝ, කක්කල්ගැස්ස, පිටගැස්ම වාට්ටු නැවත විවෘත් කිරීමට සිදුවනු ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂ්‍ය වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
පසුගිය දින කිපය තුළ ළමා රෝහලෙන් සරම්ප වැලදුනු දරුවන් 22ක් වාර්තා වූ බවත් සොයා බැලීමේදි මේ කිසිදු දරුවෙක් සරම් එන්නත ලබා නොගත් අය බව තහවුරු විනැයි විශේෂඥවරයා පවසා සිටියි.
අප රට තුළ ක්‍රියාත්මක වන්නේ ලෝකයේ හොඳම ප්‍රතිශක්තිකරණ වැඩ සටහන බවත් මේ වන විට භාවිත කරන එන්නත ඉතාමත් ගුණාත්මක තත්ත්වයේ තිබෙන ඒවා බැවින් එය දරුවන්ට ලබා දීමට බියක් ඇති කර නොගන්නැයි වෛද්‍ය දීපාල් දෙමාපියන් වෙත දැනුම් දී සිටියි.
එන්නත්කරණ වැඩසටහනට අනුගත නොවුණහොත් මෙරටින් තුන් කර ඇති පෝලීයෝ, කක්කල් ගැස්ස, පිටගැස්ම සරම්ප නැවත මතුවීම වැලැක්විය නොහැකි බවද හෙතෙම පෙන්වාදේ.
යම් හේතුවකින් එන්නත ලබා නොගැනීම හේතුවෙන් ගර්භනී මවකට ජර්මන් සරම්ප වැළදුණහොත් ඇය ඇය බිහිකරන දරුවා සං ජානනීය ආබාධ සහිත, ඇස්වල පෙනීමේ දුර්වලතා ඇති දරුවෙක් විය හැකි බවද විශේෂඥවරයා අවදාරණය කරයි.
ලොව පුරා බිලියන ගණනක් එන්නත ලබා දෙන අතර එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට මෙහි අසාත්මිකතාවක් ඇතිවිය හැකි නමුත් එන්නත් ලබා නොදීමෙන් ඇතිවිය හැකි අනතුරු ඊට වැඩා වැඩියැයිද වෛද්‍ය දීපාල් පෙන්වා දේ.







