සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු  දුම්රිය මගේ ගමන් ගැන නඩු ගොඩක්

by Lanka Sara Editor
ජූලි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උතුරු  දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් පසුව යොදවා ඇති දුම්රිය ප්‍රමාණය හා  සකස් කොට ඇති  දුම්රිය කාල සටහන උතුරේ ජනතාව දැඩි අපහසු තත්ත්වයකට පත් කරන්නක් බවට පත්ව ඇතයි උතුරේ වැසියෝ ප්‍රකාශ කරති.

උතුරු දුම්රිය මාර්ගයේ ජනප්‍රියම දුම්රිය යාල්දේවී දුම්රිය  වූවත් දැන් එම දුම්රිය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප වූ තත්ත්වයකට පත්ව ඇති බව උතුරේ ජනතාව කියා සිටිති.

කළින් මෙම දුම්රිය කන්කසන්තුරේ සිට කොළඹට රාත්‍රී 7 වන විට ළගා  වූවත් නව කාල සටහනට අනුව එම දුම්රිය  කොළඹට ළගා වන්නේ රාත්‍රී දහයෙන් පසුව නිසා යාපනයේ සිට කොළඹට යන ජනතාවට කොළඹ කිසිදු ස්ථානයකට යාමට බස් නොමැති වන බව එම ජනතාව කියා සිටියි.

මීට හේතුව වී ඇත්තේ  කන්කසන්තුරේ හා කොළඹ  අතර යාල් දේවී දුම්රිය වශයෙන් එක් දුම්රියක් පමණක් යොදවා එය දෙපැත්තට ධාවනය කරවීම නිසා බව උතුරේ ජනතාව කියා සිටියි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අළුයම 3.30 ට කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අවලංගු කොට ඇති අතර  ගල්කිස්සෙන් අළුයම ධාවනය වූ අයිස් නැමති  අති සුඛෝපභෝගී දුම්රිය සංචාරක දුම්රියක් බවට පත් කොට එය සෙනසුරාදා හා ඉරිදා පමණක් ධාවනය කරවීමට පියවර ගෙන තිබීම නිසා උතුරේ  සිට කොළඹට ගොස් රාජකාරී කරණ පිරිසටත් දකුණේ සිට යාපනයට පැමිණ සිටින රජයේ සේවකයින්ටත් විශාල අසාධාරණයක් වී ඇතයි උතුරේ ජනතාව කියා සිටියි.

රජරට රැජින දුම්රිය 1976 දී  ආරම්භ කලේ වවුනියාවේ සිට කොළඹ කොටුව දක්වා වූ දුම්රියක් වශයෙන් වූවත් එය මේ වන විට අනුරාධපුරයට පමණක් සීමා කොට තිබීමද උදෑසන   සීඝ්‍රගාමී  දුම්රියක්  කොළඹ කොටුවේ සිට අනුරාධපුරයට පමණක් ධාවනය වීමත් උතුරේ දුම්රිය මගීන්ට සිදුව  ඇති  දැඩි ආසාධාරණයක් බව ඔවුහු ප්‍රකාශ කොට සිටිති.

යුද සමයේදී පවා රජරට රැජින දුම්රිය වවුනියාව දක්වා ගමන් කලා සේ දැනට බෙලිඅත්තට යන එම දුම්රිය වවුනියාවෙන් ගමන් ආරම්භ කරවීමට පියවර ගන්නා ලෙස උතුරේ වැසියෝ ඉල්ලා සිටිති.

එමෙන්ම දැනට උදෑසන කොළඹ සිට අනුරාධපුරයට පමණක් ධවනය කෙරෙන  සීඝ්‍රගාමී දුම්රිය වවුනියාව දක්වා දීර්ඝ කොට එතැන් සිට යාපනයට යාමට යාල් රාණී දුම්රිය  සම්බන්ධ කොට දෙන ලෙසද උතුරේ වැසියෝ ඉල්ලීමක් කොට සිටියි.

දැනට  ධාවනය වන  දුම්රිය වලින් සාමාන්‍ය ගාස්තු යටතේ ගමන් කළ හැක්කේ දුම්රිය දෙකක පමණක් නිසා තුන් වන පන්තියේ දෙවන පන්තියේ දුම්රිය මැදිරි වැඩි කොට  සාමාන්‍ය ගාස්තු  අය කෙරෙන නව දුම්රියක්  කන්කසන්තුරේ හා කොළඹ අතර ධාවනය කරවීමට පියවර ගැනීම ඉතා කාලෝචිත පියවරක් බව උතුරේ වැසියෝ දුම්රිය දෙපාර්තමේන්තුවට මතක් කොට සිටිති.

අධික මුදලක් වැය කොට උතුරු දුම්රිය මාර්ගය පිළිසකර කළද දුම්රිය සංඛ්‍යාව හා  අලුතින් සකස් කළ   දුම්රිය කාල සටහන නිසා දුම්රිය ගමනාගමනය උතුරේ ජනතාවට ඉතා අප්‍රසන්න වීමට පටන් ගෙන ඇති බව කියන එම වැසියෝ එය එසේ නොකොට කාලාන්තරයක්ම උතුරේ වැසියාට ජනප්‍රිය ගමනාගමන මාධ්‍ය වූ දුම්රිය ඉතා ජනප්‍රිය ගමනාගමන මධ්‍ය බවට පත් කරන ලෙසද ඉල්ලීමක් කරයි.

දුම්රිය නිලධාරීන් හා බලධාරීන් සාමාන්‍ය ජනතාවගේ හඩට කන් නොදී ඔවුන්ගේ අභිමතය පරිදි දුම්රිය  යෙදවීම හා කාල සටහන් සකස් කිරීම නිසා උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය වහාම මග හරවා දෙන ලෙසද උතුරේ වසියන් දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් නොදීම සිටීම රෝගවලට අත වැනීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

Next Post

හින්දු නොවන විදුහල්පතිවරය පත්කිරීමට එරෙහිව යාපනයේ පාසලක උද්ඝෝෂණ

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.