ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත් කාරයෙන් ඇතුලු වීම් සම්බන්ධයෙන් ඊයේ (7) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන කොටුව පොලිසියේ රඳවා සිටින ප්‍රවීන නිළි දමිතා අබේරත්න ගේ සුවදුක් විමසීම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (8) කොටුව පොලිසියට පැමිණියේය.
දමිතා අබේරත්න අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී ඊයේ (07) සංවිධානය කර තිබූ “කළු හෝරාව “ සත්යග්රහයෙන් අනතුරුව උතුර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.
අද පාර්ලිමේන්තුවේ දී ද දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම ගැන අදහස් පල විය.