කීර්ති ප්‍රනාන්දු –
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ නිවසක රැඳී සීටි අපරාධකරුවන් සොයා ගිය මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවක් අතර පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි වැදී මියගොස් තිබේ.
පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සගයින් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ඔවුන් පසුගියදා ඌරගහ පුදේශයේ සැලුන් එකක සිදු කළ වෙඩි තැබීමේ ඝාතනයට සහ යක්කලමුලේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.
එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.