අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ… ඔහු   කබ්‍රාල්ට වඩා 55%ක් වැඩිපුර මුදල් අච්චු ගහලා…

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අච්චු ගැසීමේ ආදීනව කියා දෙමින් බලයට පැමිණි වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වී ඇති බව ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුනේය.

අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපතිවරයාට වඩා දෛනිකව 55% ගුණයක් වැඩියෙන් නන්දලාල් වීරසිංහ  මහබැංකු අධිපතිවරයා මුදල් මුද්‍රණය කර ඇති බව එහිදී හෙළි විය.

අය-වැය විවාදයට එක් වෙමින්   පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මේ බව පාර්ලිමේන්තුව හමුවේ  හෙළි කළේ  මුදල් අච්චු ගැසූ ආකාරය පිළිබඳ සංඛ්‍යාලේඛණ  ඉදිරිපත් කරමිනි.

මන්ත්‍රීවරයා   පැවසුවේ ආදිනව ගැන කෙතරම් දැනගෙන සිටියත් කුඩු ගහන කුඩු කාරයෙක් කුඩු වලට ඇබ්බැහි වී ඇතිවක් සේ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මුදල් අච්චු ගැසීමට ඇබ්බැහි වී ඇති බවය.

2023 වසර තුළ බොහෝ විට රුපියල් ට්‍රිලියන 05කට ආසන්න මුදලක් අච්චු ගැසීමට සිදුවනු ඇති බවට ද ඔහු අනාවැකි පල කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙසේ ද පැවසුවේය.

“මුලින්ම මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ  තනතුර භාරගනිමින් කිව්වේ තමන්ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ  උද්ධමනය ඇති වෙලා රටේ ආර්ථික අර්බුදය තීව්‍ර වෙලා තියනවා කියලා.“

“එහෙම කිව්ව එතුමා තමයි මේ වනවිට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ.“

“මේ කතාවෙ  ඇත්ත නැත්ත අපි ඉලක්කම් එක්ක අවබෝධ කරගත යුතුයි.“

“මහාචාර්ය ඩබ්ලියු.ඩී ලක්ෂ්මන් මහබැංකු අධිපති ධූරයේ සිටිය දී 2020. මාර්තු 13 සිට 2021 සැප්තැම්බර් 14 වනදා දක්වා තිබෙන දින 551 තුළ රුපියල් බිලියන 1260ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා. ඒ කියන්නෙ මුදල් අච්චු ගහලා තියනවා. තේරෙන භාෂාවෙන් කිව්වොත් දවසකට රුපියල් බිලියන 2.18 බැගින් ඔහු මුදල් අච්චු ගහලා තියනවා.“

“ඊලඟට එනවා නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපති තුමා. එතුමා 2021 සැප්තැම්බර් 15 දා සිට 2022 අප්‍රේල් 05 දක්වා දින 203ක කාලය තුළ රුපියල් බිලියන 446ක නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා. ඒ කියන්නෙ එතුමා දිනකට රුපියල් බිලියන 2.2 ගානෙ මුදල් අච්චු ගහලා තියනවා. ලක්ෂ්මන් මහත්තයගෙ වාර්තාව කබ්‍රාල් මහත්තයා බිලියන දශම ගානකින් වැඩියෙන් කරලා බිඳහෙලනවා. “

“ඊට පස්සේ එනවා මුදල් අච්චු ගැසීමේ ආදිනව ගැන මාධ්‍ය පුරා අපට වැදි බණ දෙසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මැතිතුමා.“

“එතුමා 2022.04.06 දා සිට සැප්තැම්බර් 30 දා දක්වා කාලය තුළ දින 175ට රුපියල් බිලියන 590ක් නව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තියනවා.   ඒ කියන්නෙ එතුමාගෙ කාලය තුළ දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියනවා. “

“කබ්‍රාල් යුගයේ වාර්තාව නන්දලාල් වීරසිංහ මහබැංකු අධිපති බිඳහෙලන්නෙ කබ්‍රාල් යුගයට වඩා දෛනික මුදල් අච්චු ගැසීම සියයට 55කින් ඉහළ දැමීමෙන්. “

“කබ්‍රාල් ලක්ෂ්මන් යුගවල දි අපි ඩොලර් බිලියන ගණනින් ණය ගෙව්වා. ණය ගෙවන්න ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් අවශ්‍ය නිසා රුපියල් අච්චු ගහන්න සිද්ධ වුනා.“

“ණය ගෙවීමත් නතර වෙලා තියන මේ යුගයේ මොකටද මේ රුපියල් අච්චු ගැහුවෙ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. “

“ආණ්ඩුවේ ආදායම ඇදගෙන වැටුණත් වැටුප් ගෙවන්න ඕන. විශ්‍රාම වැටුප් ගෙවන්න ඕන. සමෘද්ධි වැනි සහනාධාර කොහොමත් ගෙවන්න ඕන. ආණ්ඩුවට සල්ලි නැතිනම් මුදල් අච්චු ගසා හෝ මේ වියදම් දරන්න සිද්ධ වෙනවා. නමුත් මේ අය වැය බැලුවම පෙනෙන්නෙ ආණ්ඩුව හැසිරෙන්න හාරලක්ෂය ඇදුන මුදලාලි වගේ කියලා.“

“අයවැය හිඟය රුපියල් බිලියන 2400යි. එහෙත් ඒ මුදල නෙමෙයි ණය ගන්නෙ. ණය ආපසු ගෙවීම් එකතු කළාම අපේ ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 4979ක්.  දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 05ක්.  සමස්ථ ණය ට්‍රිලියන 25යි. දෙදාස් තුනට විතරක් ණය ගන්නවා ට්‍රිලියන 05ක්.  සමස්ථ ණය ට්‍රිලියන 05කින් ඉහළ යනවා.“

“මේ ණය දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඇයි.. රට බංකොලොත්. බංකොලොත් රටකට කවුරුවත් ණය දෙන්නෙ නෑ. මේ ට්‍රිලියන 05 ණය දරන්න වෙන්නෙ මහ බැංකුවට. තවත් ට්‍රිලියන 05ක් මුදල් අච්චු ගහලා. එහෙමනම් කබ්‍රාල්ගේ වාර්තාව මේ වසරේ නන්දලාල් කඩනවා.   නන්දලාල් මහත්තයගෙ වාර්තාව 2023 දි ට්‍රිලියන 05ක් අච්චු ගහලා බිඳින්න මේ අය උත්සාහ කරන්නේ. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයනා පාර්ලිමේන්තුවේ නොව හිරේ ඉන්න ඕන ඇයි?. මුජබර් පාරලිමේන්තුවේ දී පැහැදිලි කරයි…

Next Post

දකුණේ පාතාලේ දෙදෙනෙක් මිනුවන්ගොඩදී වෙඩි කා මිය ගිය බව පොලිසිය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.