සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනා පාර්ලිමේන්තුවේ නොව හිරේ ඉන්න ඕන ඇයි?. මුජබර් පාරලිමේන්තුවේ දී පැහැදිලි කරයි…

by editor
නොවැම්බර් 17, 2022
in පුවත්
Dayana-Gamage
Share on FacebookShare on Twitter

මේ වනවිට බරපතල සමාජ කථිකාවට ලක් වී ඇති බිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේ සම්බන්ධ සිදුවීම  අද (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මේ රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඇය මේ වනවිට සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව, බන්ධනාගාරයේ බව පෙන්වා දුන්නේය.

ඇය මිරිහාන රැඳවුම්  කඳවුරේ රඳවා   අධිකරණයට ඉදිරියට පත් කර නඩු අසා රටින් පිටිවහල් කළ යුතු කාන්තාවක් බවත් බව ඔහු පාර්ලිමේන්තුවට කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.

මේ පාර්ලිමේන්තුවෙ ඉඳගෙන  ඉන්නවා   මන්ත්‍රී තුමියක්. ඒ මන්ත්‍රීතුමියට විරුද්ධව 2020/11/2 දා  ඕෂල ලක්මාල් හේරත් කියලා මහත්මයෙක් පැමිණිල්ලක් දානවා. ඉන් කියැවෙන්නෙ එතුමිය විදේශීය පුරවැසියෙක් කියලා.

ඒ පැමිණිල්ල දැම්මම විමර්ශන ආරම්භ කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒ පරීක්ෂණ ආරම්භ කරලා එතුමන්ලා අලුත්කඩේ උසාවියට ගොනු කරනවා පැමිණිල්ලක්.  උසාවියට  කරුණු වාර්තා කරනවා 2021  මාර්තු 20 දා. ඒ කරුණු උඩ කියනවා ඇය මේ රටේ පුරවැසියෙක් නොවේ. විදේශීය පුරවැසියෙක් කියලා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තව කාරණාවක් කියනවා. ඇය විදේශීය පුරවැසියෙක් ලෙස ඉඳගෙන ලංකාවේ පාස්පෝට් එක ගන්න ව්‍යාජ ලිපි ලේඛණ හදලා   අයදුම් කරලා තියනවා   කියලා.

එතුමිය අරන් තියන වීසා එක සම්බන්ධව ආගමන විගමන දෙපාරත්මේන්තුව ලියැවිල්ලක් ඉදිරිපත් කරලා තියනවා අපරාධ විමර්ශන කොට්ඨාසයට.

එම ලියැවිල්ලෙන් කියනවා 2014.07.14 වැනිදා ඇය ලංකාවට ඇවිත් තියනවා. ඒ ඇවිත් එයා අරන් තියනවා රෙසිඩන්ස් වීසා. එම වීසා එක ඉවර වෙන්නේ  2015.07.16 වැනිදා.

මේක තමයි වාර්තාව. මේ වාර්තාව ආණ්ඩුව පැහැදිලිවම යටපත් කරලා තියනවා. විමර්ශනය කළ නිලධාරීන් දෙදෙනාගෙන් එක්කෙනෙක් නිශාන්ත සොයිසා. අනෙක් කෙනා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ.   මේ මන්ත්‍රී තුමියගෙ පුරවැසි භාවය සම්බන්ධව කරුණු හොයලා උසාවියට කරුණු වාර්තා කරයි කියලා ඒ දෙන්නා තම රාජකාරි ස්ථානවලින් මාරු කරලා යැව්වා.   එතකොට අගමැති මහින්ද රාජපක්ෂ. ඒ මාරුවීම කරන්නේ වර්ෂ 2020 දි.

මෙහෙමයි නීතිය.   නීතිපති දෙපාර්තමේන්තුවෙ උපදෙස් ඕන නෑ මේකට. මේ චෝදනා යටතේ සාමාන්‍ය පුද්ගලයෙක් වුනා නම් අද අත්අඩංගුවට අරගෙන.

ඇයි ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා විදෙස් ගමන් බලපත්‍රයක් අරගෙන තියනවා. ඊලඟට  විදේශිකයෙක් හැටියට   ඉඳගෙන එයා  ලංකාවෙ පාර්ලිමේන්තුවට ඇවිත් තියනවා.

සාමාන්‍ය පුද්ගලයෙක් නම් අද අත්අඩංගුවට අරන් ඉවරයි. නමුත් දේශපාලනය කරන හින්දා ආණ්ඩුවට සහයෝගය ලබා දෙන හින්දා ආණ්ඩුව අද අපරාධ විමර්ශන කොට්ඨාසයට බලපෑම් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා මේ නඩුව ගන්න දෙන්නෙ නෑ.

එහෙම රටකට ආයෝජකයො එයි ද?.

වෙන්න ඕන එක දෙයයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ රැඳවුම් මධ්‍යස්ථානයක් තියනවා මිරිහානෙ. මේ මන්ත්‍රීතුමිය මිරිහානට යවලා එතැනින් රටෙන් පිටිවහල් කරන්න ඕන. මොකද එයා විදේශිකයෙක්. එයාව මේ රටේ තියන්න බෑ. ඒකයි නීත්‍යානුකූලව වෙන්න ඕන දේ. ඒත් දේශපාලන බලය උඩ අද මේක යටපත් කරලා තියනවා.“

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේ ව්‍යාජ ලේඛණ සකස් කරමින් මේ රටේ වැසියෙක් ලෙස පෙනී සිට   රටේ පාර්ලිමේන්තුවට ඇතුළු වී සිදුකළ අපරාධයට අදාල ලියකියැවිලි මන්ත්‍රීවරයා විසින් සභාගත කළේය.  ආර්ථික ස්ථාවරය සඳහා දේශපාලන ස්ථාවරයක් අවශ්‍ය බවත්, දේශපාලන ස්ථාවරය ගොඩනැගෙන්නේ නීතියේ ආධිපත්‍ය තහවුරු වුන රටක බවත් ඔහු  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොල්ගහවෙල හා මහව අතර ධාවනය වන රේල්බස් රථය පීලී පනී… අද දින සිදුවූ දෙවැනි දුම්රිය පීලි පැනීම…

Next Post

ඉතිහාසයේ වැඩිම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ… ඔහු   කබ්‍රාල්ට වඩා 55%ක් වැඩිපුර මුදල් අච්චු ගහලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.