ලෝක බැංකු ආධාර යටතේ මෙරටට ලැබුණු පසු රජයේ පොහොර සමාගම් දෙක මගින් ගොවීන් වෙත බෙදා හරින කිලෝ ග්‍රෑම් 50 යූරියා පොහොර මිටිවල නිසි බර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමක දී තහවුරු වී තිබේ.
කොමර්ෂල් පොහොර සහ ලක්පොහොර සමාගම් දෙක මගින් ගොවීන් වෙත බෙදා හරින ලෝක බැංකු ආධාර ලෙස රටට ලැබුණු මෙම පොහොර කිලෝ ග්‍රෑම් 50 උරයක නිසි බර නොමැති බවට ගොවීන් විසින් පාරිභෝගික සේවා අධිකාරියට දිගින් දිගටම ලැබුණු පැමිණිලි ප්‍රකාරව විලච්චිය පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් රජයේ පොහොර ගබඩාවක් වටලා ඊයේ (17) සිදුකළ පරික්ෂණයක දී මේ වංචාව අනාවරණය වී ඇත.
ගොවි ජනතාව වෙත බෙදා හැරීමට රැගෙන පැමිණි ලොරි රථයක් තුළ තිබූ පොහොර මිටි 500කින් සාම්පල් ලබාගෙන සිදුකළ මෙම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ රජයේ එක් පොහොර සමාගමක් විසින් නිකුත් කළ සෑම පොහොර මිටියකින්ම කිලෝ එක්ක හෝ වැඩි ප්‍රමාණයක් අඩුවෙන් පැවති බවත්, පොහොර මිටිවල කිලෝ ග්‍රෑම් 47, 48, සහ 49 ලෙස බර සිටහන් වී තිබුණු බවත්ය.
පවතින තත්ත්වය තුළ පොහොර තොගයම රාජසන්තක නොකර පරීක්ෂාවට ලක් කළ සාම්පල් 14ක් පමණක් ඉදිරි නීතිමය කටයුතු සඳහා පාරිභොගික සේවා අධිකාරිය භාරයට ගෙන තිබේ.