බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සුරා බද්දට වංගු ගසන බදු හොරුන් ඉදිරියේ  අන්ධයින් වූ ගොබ්බයින්ගේ  කතාව!

by editor
නොවැම්බර් 18, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව වෙළා ගෙන ඇති අඳුරු වළාවන් දෙකකි. එකක් විදේශ විනිමය අර්බුදයයි. අනෙක් දේශීය මුදල් පිළිබඳ ව පවතින අර්බුදයයි.

මේ වනවිට දේශීය ණය සේවාකරණයට ප්‍රමාණවත් මුදලක්වත් රටේ භාණ්ඩාගාරයේ නොමැති බව කියවෙන අතර රටේ සමස්ත රාජ්‍ය ආදායමින් සියයට 75ක පමණ ණය පොලී ගෙවීමටවත් ප්‍රමාණවත් නොවන තැනකට රට පැමිණ ඇත.

ගෝඨාභය රාජපක්ෂ ගේ රජය විසින් ගන්නා ලද අදූරදර්ශී තීරණ සහ පිළිවෙත් හේතුවෙන් අර්බුදය වඩාත් තීව්‍ර වී ඇති අතර මේ වනවිට රජය උත්සාහ ගන්නේ රටේ යම් මූල්‍ය විනයක් නිර්මාණය කර ලබා ගන්නා හොඳ සහතිකය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ මූල්‍ය ආයතන වෙතින් ණය ලබා ගැනීම කෙරෙහිය.

ප්‍රධාන ඉලක්කය

මෙහිදී මේ වනවිට රජය ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන වැඩපිළිවෙළක් වන්නේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමය. මේ ගැන සඳහන් කර ඇති මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ මේ වනවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.5 ක්ව පවතින රාජ්‍ය ආදායම ඊළඟ අවුරුද්ද තුළ   සියයට 13ක් දක්වා වර්ධනය කිරීම පිළිබඳවය. එහිදී ඔහු පවසන්නේ ඉලක්ක ගත අතිරේක ආදායමින් සියයට 90ක්ම බදු සංශෝධන මතින් ලබා ගැනීම කෙරෙහිය.

රාජ්‍ය ආදායම වර්ධනය කිරීම වැදගත්ය. විශේෂයෙන් 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව සිඳ දැමූ මෙරට බදු ව්‍යූහය යළි ප්‍රකෘතිමත් කිරීම අවශ්‍යතාවක් වුවද මේ වනවිට රටේ ජනතාවත් මෙරට ව්‍යාපාර පද්ධතියත් පත්ව ඇති අර්බුදකාරී පරිහාණිමය තත්ත්වය මත අතිරේක බදු එකතු කිරීම අතිශය  වේදනාත්මක කරුණක් ව ඇත. රංජිත් සියඹලාපිටිය   මීට කලින් මුදල් රාජ්‍ය අමාත්‍ය තනතුර දරන කාලයේ කීවේ මල නොතලා රොන් ගන්නා සේ බදු එකතු කිරීමක් ගැනය. එහෙත් මේ පවතින තත්ත්වය තුළ මල නොතලා රොන් ගන්නට නොහැකිව ඇත්තේ රොන් ගන්නටත් පෙර රටේ පවතින පරිසරය තුළ මල් සියල්ල තැලි ඇති නිසාය. මේ නිසා රොන් ගනිද්දී තවත් තැලීමට ලක්වීම වැලැක්විය නොහැකි කරුණක් ව ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කොහෙම වුණත් මේ වනවිට රජය ආදායම් ගන්නට ඇති හැකි තැන් හාරා අවුස්සා බලන කාලයක් බව පෙනී යයි. එවැනි පසුබිමක් මත මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සුරා බදු දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මතු කළ කරුණක් විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මේ වනවිට සුරා බදු නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් නිතර එල්ලවන අඳෝනාවක් වන්නේ මිල වැඩි කිරීමත් සමඟ නීත්‍යනුකූල මත්පැන් අලෙවිය සියයට 30කින් පමණ අඩුව ඇති බවය. මෙය මේ වනවිට විගණන වාර්තාවලින් පවා සනාථ වී ඇති  කරුණකි. එහෙත් මේ තත්ත්වය හේතුවෙන් නීත්‍යනුකූල මත් පැන්වලින් රජයට හිමිවන බද්ද සියයට 30කින් පමණ නිතැතින්ම අඩුවෙයි. එය ඔවුන් පෙන්වා දෙන ආකාරයට රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් අහිමි වීමකි.

සුරාබද්දට වංගු ගැසීම

මේ අතරේ සියඹලාපිටිය අමාත්‍යවරයා තවත් කරුණක් ද එහිදී ඉස්මතු කළේය. ඒ මෙරට නීත්‍යනුකූල මත් පැන් නිෂ්පාදකයින් නිතියට වංගු ගසමින් රජයට ලැබිය යුතු සුරා බදු ආදායම මෙන් තුන් ගණයක් වංගු ගසමින් සඟවා ගන්නා බවය. මේ කරුණ ලංකාසර අපද වරක් ඉස්මතු කළ කරුණක් වන අතර පාර්ලිමේන්තුවේ පවා වරින් වර අවධානයට ලක්වෙමින් යටපත් වන කරුණක්ව ඇත.

ඔහු පවසන්නේ ශ්‍රි ලංකාවේ බලපත්‍ර රහිතව මත් පැන් නිෂ්පාදනය වීම සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවය. එහෙත් ඔහු එහිදි මතු කරන්නේ ගම්වල කැළෑ රොදවල හොර රහසේ  රා කසිප්පු පෙරන පුංචි පහේ ජාවාරම්කාරයන් ගැන නොවේ. ඔහුගේ කතාව සම්බන්ධ වන්නේ බලපත්‍රයක් ඇතිව ඒ බලපත්‍රයේ මුවාවෙන් නියමිත ප්‍රමාණයට වඩා කිහිප ගුණයක් මත්පැන් නිපදවන රා නිෂ්පාදකයන් පිළිබඳව ය. ජැන්ඩියට හැඳ පැළඳ ගත් කෝටිපති ව්‍යාපාරිකන් විසින් සිදු කරනු ලබන මෙම වංචාව සියවස් ගණනාවක් තිස්සේ ඇදෙන එකක් බවද ඇමතිවරයා  පවසයි. ඔහුගේම වචනවලින් කියන්නේ මෙසේය.

“ මේ වංචාව බ්‍රිතාන්‍ය පාලනය සමයේ පටන් පැවතෙන්නක්. 1810 වසරේදී ඒ කාලයේ ශ්‍රි ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මුහුදුබඩ පළාත්වලින් රජයේ බදු ආදායම් ලෙස එවකට භාවිත වූ මුදල් ඒකකය අනුව රික්ස් ඩොලර් 268,700ක්. එයින් රික්ස් ඩොලර් 200500ක් එකතු වුණේ  සුරාබදු විදිහට. නමුත් එවකට හිටිය බදු කොමසාරිස්වරයාට අනුව මේ බදු මුදල මීට වවා  වැඩි විය යුතුයි. දේශීය මත් පැන් නිෂ්පාදකයන් ඔවුන්ට නීතියෙන් නිපදවීමට අවසර තිබෙන ප්‍රමාණයට වැඩියෙන් මත්පැන් නිපදවනවා. ඔවුන් ආණ්ඩුව රැවටීමකට ලක් කරනවා කියල  එවකට සිටි  බදු කොමසාරිස් තම වාර්තාවක සටහන් කර තිබෙනවා. දැන් රටේ සියවස් ගාණක් පැරණි මේ  මත්පැන් නිෂ්පාදනය සියයට 300කින් පමණ වැඩිව තිබෙනවා.“

දැක දැක නොදැක මෙන් සිටින රා කරුවන්ගේ ජරා වැඩ

යූරියා දමා කෘතිමව නිපදවූ රා…

අමාත්‍යවරයා පවසන ආකාරයට මේ කරුණ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තහවුරු කර ඇත. එම සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රි ලංකාවේ මත්පැන්  නිෂ්පාදනය සහහ භාවිතය  පසුගිය කාලය තුළ  සියයට 94කින් වැඩිව ඇත. එහෙත් ආණ්ඩුවේ දත්ත සහ වාර්තාවල පෙන්වන්නේ සියයට 50ක වැඩි වීමක් පමණි.

මේ තත්ත්වයට හේතුව මෙරට පොල් රා නිෂ්පාදනය කිරීමට බලපත්‍ර හිමි නිෂ්පාදකයන් විවිධ අයථා ක්‍රම මඟින් නීති විරෝධි ලෙස මත් පැන් නිපදවීමය. එය සිදුවන්නේ මෙසේය.

මෙම බලපත්‍ර ලාබී මත්පැන් නිෂ්පාදකයන්ට රා මැදීම සඳහා අවසර ලද බලපත්‍ර ලාභී නිශ්චිත පොල් ගස් සංඛ්‍යාවක් ඇත. මේ ගස් සංඛ්‍යාවට සමානුපාතිකව එයින් ලැබෙන තෙලිදිය ප්‍රමාණය පිළිබඳව ගණනය කිරීමක් පවතින අතර එම ප්‍රමාණය ඉක්මවමින් රා  නිෂ්පාදනය කළ නොහැකිය.

මෙසේ නිපදවන රා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන්නේ මෙරට මත්පැන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියටය. අනෙක එය රා ලෙසින්ද වෙළෙඳපොලට යයි. රටේ වැඩිව ඇති මත් පැන් ඉල්ලුම පිළිබඳව සැලකීමේදී පවතින පොල් ගස් සංඛ්‍යාවෙන් පමණක් රා නිපදවා නිෂ්පාදනය ක්‍රියාවලියට එකතු කිරීම සෑහෙන්නේ නැත. මේ හේතුව නිසා යූරියා, සීනී ආදිය යොදා කෘත්‍රිමව නිදපවන රා මෙම මත්පැන් නිෂ්පාදනයේදී එකතු කෙරෙයි.

මේවා නිදපවන්නේ අප ඉහත කී ගස් මැදීමේ බලපත් සහිත රා නිෂ්පාදකයන්ය. ඔවුන් බදු ගෙවන්නේ ඉහත කී බලපත්‍රවලට අදාළව සිදු කළ  හැකි නිෂ්පාදන සඳහා පමණි. එහෙත් එමෙන්ම තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයක් ඔවුන්  නීති විරෝධී ආකාරයෙන් නිපදවා මුදල් බවට පත් කර ගනිති. එයින් රජයට විසල් ආදායමක් අහිමිව යයි.

ක්ෂේත්‍රයේ  ආරංචි මාර්ග අනුව එය දිනකට රුපියල් කෝටි  40කි. අඩුම ගණනේ මේ අහිමි වන මුදලින් සියයට 50ක් එකතු කර ගතහොත් එයද රුපියල්  කෝටි 20කි. වසරේ දින 365න් 300ක් සඳහා අවම වශයෙන් අදාළ බදු ආදායම ගණනය කළහොත් රුපියල් කෝටි 6000කි. එයින් ලැබෙන රාජ්‍ය ආදායම කිසිසේත් අවතක්සේරු කළ නොහැකිය.  එහෙත් බදු ගහන්නට තැන් සොයන බලධාරීන්ට මෙතෙක් මේ අහකට ගලා යන බදු අදායම ගැන වැටහීමක් නැත.

නීත්‍යානුකූල මත් පැන් අලෙවිය බිඳ වැටීම

සුරා බදු දෙපාර්තමේන්තුව අද ළතැවෙන අනෙක් කරුණ පිළිබඳවද සුළු හෝ අවධානයක් දැක්විය යුතුය. එයින් කියන්නේ නීත්‍යනුකූල මත් පැන් මිල ඉහළ යාම හේතුවෙන් එම මත්පැන් අලෙවිය සියයට 30කින් පමණ පහළ ගොස් ඇති බවය. සාමාන්‍යයෙන් අපේ රටේ අතීත අත්දැකීම් මත සිදුවන සංසිද්ධියක් වන්නේ නිත්‍යනුකූලව නිපදවන මත් පැන් මිල වැඩි වෙද්දි ඊට සාපේක්ෂ ව නිති විරෝධි මත් පැන් භාවිතය ඉහළ යාමය. එයට ඉඳුරාම හේතුවන්නේ මිල සාධකය මත අඩු ආදායම් ලාභී  පුද්ගලයන් ක්‍රමයෙන් නීත්‍යනුකූල මත්පැන්වලින් මිල වැඩි නිසා වෙනත් අඩු මිල විකල්ප කෙරෙහි යොමු වීමය.

මේ තත්ත්වය හේතුවෙන් රටේ මත්පැන් භාවිත කරන , විශේෂයෙන් අඩු ආදායම් ලාභී ජනතාව දැවැන්ත සෞඛ්‍යමය අනතුරකට ගොදුරු වෙමින් ඇත.

එහෙත් එක් අතකින් රටේ ආදායම් වැඩි කිරීමට, අනෙක් අතින් ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට මත් පැන්   සහ දුම්වැටි සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිපත්ති නීති හදන ආයතන ක්‍රියා කරන්නේ අන්ධයන් මෙසේ ය. මේ සඳහා කටයුතු කරන විශේෂිත ආයතන වන    ජාතික මත්පැන් සහ දුම්වැටි අධිකාරිය වැනි ආයතන එහිදී ක්‍රියා කරන්නේ ඒ සදහා තීන්දු තීරණ ගත යුතු විද්‍යාත්මක පදනමක පිහිට නොවන බව පෙනී යයි.

මෙම ක්ෂේත්‍රය පිළිබඳව දැනට පවතින සාර්ව ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමේ නිසි වැඩපිළිවෙළට එම අධිකාරිය මඟින් හෝ සුරා බදු දෙපාර්තමේන්තුව හො රාජ්‍ය භාණ්ඩාගාරය හෝ  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සාධනීය පියවරක් නොගැනෙන නිසාවෙනි.

රජය පවසන ආකාරය ට මේ වනවිට ඔවුන්ට පවතින එක් අභියෝගයක් වන්නේ රාජ්‍ය ආදායම වැඩ කර ගැනීමයි. සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමතිවරයාම කියන ආකාරයට රජයට ආදායම් ඉලක්ක සපුරන්නට කඩිමුඩියේ වැඩ කරන්නට සිදුව ඇත. මේ වනවිටත් ජනතාවගෙන් සෘජු බදු අය කර ගැනීමට ගත් පියවර හේතුවෙන් ජන අප්‍රසාදයක් නිර්මාණය කරගෙන ඇත.

බදු වංචාකරුවන් අතර ආණ්ඩුව අතරමං

රජය තවදුරටත් රට තුළ සිදුවන බදු වංචා සහ වංගු ගැසීම් පාලනය කිරීමට සාධනීය පියවරක් ගෙන නැත. සියවස් ගණනාවක් පවතින බව කියන නීති විරෝධි මත්පැන් නිපදවන්නන්ගේ නීති විරෝධී මත් නිෂ්පාදන මත බදු අය කර  ගැනීටම් විධිමත් ක්‍රියාවලියක් මේ දූෂිත රාජ්‍ය තන්ත්‍රයට නැත. ඇත්තේ ඒ ගැන කතා පමණි.

එසේම නීති විරෝධි මත් පැන් නිෂ්පාදනය සහ අලෙවිය පාලනය කිරීමේ දැඩි වැඩපිළි‍වෙළක් ද රජයට නැත. එයද රාජ්‍ය අදායම් වර්ධනයට උපකාරී වන ක්‍රියාවකි. අඩුම තරමින් ඊළඟ අයවැයෙන්වත්  මේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

ක්ෂේත්‍රෙය්  ආරංචි මාර්ග අනුව මෙරට මත් පැන් නිෂ්පාදකයන්ගෙන් 25ක් පමණ වන ප්‍රමාණයකින් මෙරට සුරා බදු දෙපාර්තමේන්තුව එකතු කරන බදුවලින් සියයට 90ක්ම ගෙවන්නේ සමාගම් පහකි. ඉතිරි සමාගම් 20 ගෙවන්නේ මෙම සුරාබදුවලින් සියයට 10කි. මෙයට අමතරව බදු නොගෙවා වංගු ගසන සමාගම කිහියක්ද ඇත.

මේ සියල්ල සැලකීමේදී ආර්ථික අර්බුදයෙන් දැවැන්ත පීඩනයක සිටින ජනතාව මත වේදනාත්මක බදු අය කර උපයා ගන්නට ඉලක්ක කරන මුදලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ලෙකු ආයාසයක හෝ සමාජ විරෝධයක් නොමැතිව ( ඇතැම් විට ප්‍රජාවගේ ආශිර්වාදයද ඇතිව) උපයා ගැනීමේ අවස්ථාවක් මේ තුළ ඇත.

ප්‍රශ්නය ඇත්තේ මේ පිළිබදව අදාළ ආයතන ප්‍රධානීන් ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ ක්‍රියාත්මක කරන්නන් අවධානයට ලක් නොකිරීමය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක බැංකු ආධාර යටතේ දෙන යූරියා පොහොරවලින් රජයේ  පොහොර සමාගමක් ගසා කාලා… 

Next Post

එයාබස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් සමාගමට සිදුවුන බිලියන 17 පාඩුව අයකරගන්නා හැටි විගණනය කියයි!…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.