ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් ජාත්‍යන්තර මත් ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් කිලෝ ග්‍රැම් 300ක් සහිත ධීවර යාත්‍රාවක් සමඟ සය දෙනකු දකුණු දිග මුහුදේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ නාවික හමුදා ඒකාබද්ධව කළ වැටළීකදී සමත්ව ඇත.
ඒ සමඟ මෙම යත්‍රාව නිරීක්ෂණයට කුඩා බෝට්ටුවකින් පැමිණ සිටි කාන්තාවක ඇතුළු තවත් තිදෙනකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතර කාන්තාවක් මහ මුහුදේදී අත්අඩංගුවට පත් පළමු අවස්ථාව මෙයය බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට මෙම සැකකරුවන් සහ මත් කුඩු තොගය ගාල්ල වරාය වෙත රැගෙන විත් ඇති අතර මේ සමඟ අත්අඩංගුවට ගත් කවිදු පුතා ධීවර යාත්‍රාවේ සහ කුඩා බෝට්ටුවේ සිටි පිරිස මාතර දික්වැල්ල, කෝට්ට්ගොඩ ,දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
මෑත කාලයේ අත්අඩංගුවට පත් වූ විශාලතම මත් කුඩු තොගය මෙයවන අතර මෙම ජාවාරමට සම්බන්ධ සෙසු ජාවාරම්කරුවන් ඇතුළු සෙසු සැක කටයතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත.







