ඊයේ (06) කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියම කර ඇත.
කන්දකාඩු කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අරත ඇතිවූ ගැටුමකින් අනතුරුව රැඳවියන් 100කට අධික පිරිසක් පළා ගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කිවේය.
කඳවුරේ දේපල වලට ද මෙම ගැටුමේ දී බරපතල හානි සිදුවී ඇති බව පොලිිසයි පැවසුවේය.







