බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරණ අවුරුද්දේ දකුණු මුහුදෙන් කෝටි 378ක හෙරොයින් සහ අයිස් තොගයක් සැක කරුවන් 10ක් සමග නාවික හමුදා අත් අඩංගුවට…

by editor
අප්‍රේල් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් කෝටි 378ක දළ වීදි වටිනාකමකින් යුතු අයිස් හා රොයින් තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

ශ්‍රි ලංකා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133ක් ( කිලෝ මීටර 246ක් ) දුරින් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා වෙරළ ආකරක්ෂක හමුදාවට අයත් සමුද්‍රරක්ෂා නෞකාව යොදවා කළ මෙහෙයුමක දී පෙරේදා (12) මෙම මත්ද්‍රව්‍යා තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම මෙහෙයුමේ දී ඇසුරුම් බර සහිත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 179යි ගෑම් 906ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 83යි ග්‍රෑම් 582ක්  සමග සැක කරුවන්  හය දෙනෙක් සහ එම මත්ද්‍රව්‍ය තොගය හුවමාරු කරගැනීමට පැමිණි මෙරට ධීවර යාත්‍රාවක් සමග තවත් සැකකරුවන් සිව් දෙනෙක් මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගෙන ඇත.

පෙරේදා සිදුකළ මෙම මෙහෙයුමෙන් අනතුරුව සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ඊයේ ගාලු වරායට රැගෙන ඇවිත් තිබේ. එහිදී මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදාපති  වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් පරීක්ෂා කර ඇත.

වයස අවුරුදු 23 ත් 54ත් අත‍ර වයසේ පසුවන මෙම සැකකරුවන් වැලිගම, ඉමදූව සහ ගාල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහෙයුම සම්බන්ධව නාවික හමුදාව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ

රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ (කිලෝමීටර් 246 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ‘සමුද්‍රාරක්ෂා’ නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582 ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිත) රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකකෙරෙන මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) 2024 අප්‍රේල් මස 12 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම මත්ද්‍රව්‍ය තොගය පරික්‍ෂා කිරීම, 2024 අප්‍රේල් මස 13 වන දින ගාල්ල වරායේදී සිදු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සිදු කළ විශේෂ බුද්ධි මෙහෙයුමකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සමුද්‍රාරක්ෂා නෞකාව යොදවා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133 ක් පමණ දුරින් වූ (කිලෝ මීටර් 246 ක් පමණ) දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවෙහි (01) උර දහ හතක් (17) තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරා සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකපිට එම යාත්‍රාව, සැකකරුවන් හය දෙනෙකු (06) සමඟ 2024 අප්‍රේල් මස 12 වන දින සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට එක්දින ධීවර යාත්‍රාවක් සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් පරීක්ෂාවට ලක් කර, සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැක කෙරෙන එම එක්දින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) ද එහිදී අත්අඩංගුවට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර දහ හතක් (17) ප්‍රවාහනය කළ බවට සැකපිට සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව 2024 අප්‍රේල් මස 13 දින ගාල්ල වරාය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරීමේදී, උර හතරක (04) පැකට් හැත්තෑ හයක (76) තිබූ හෙරොයින් කිලෝ 83යි ග්‍රෑම් 582 ක තොගයක් සහ උර දහතුනක (13) පැකට් එකසිය විසිනවයක (129) තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකසිය හැත්තෑ නවයයි (179) ග්‍රෑම් නවසිය හයක (906) තොගයක් (ඇසුරුම් බර සහිත) සොයා ගන්නා ලද අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් හය දෙනා (06) සහ බහුදින ධීවර යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මත්ද්‍රව්‍ය මුහුදේදී හුවමාරු කර ගැනීමට පැමිණි බවට සැකපිට සමුද්‍රාරක්ෂා නෞකාව මඟින් අත්අඩංගුවට ගත් එක්දින ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් සිව් දෙනාද (04) ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

මෙම විශේෂ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකරුවන් වයස අවුරුදු 23 ත් 54ත් අත‍ර වයසේ පසුවන වැලිගම, ඉමදූව සහ ගාල්ල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 3798 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම මඟින් රුපියල් මිලියන 9300 කට අධික දළ වීථි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, මෙරට නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් හා එක්ව, ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇසට අනතුරක් සිදුවහොත් මුලින්ම කළ යුතු දේ ගැන විශේෂඥ උපදෙසක්…

Next Post

ඊශ්‍රයාලයට යන්න ගිය ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඇතුළු ගුවන් මගීන් ඩුබායිවල කොටුවෙයි….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.