ශ්‍රියානි විජේසිංහ
රතිඤ්ඤා හේතුවෙන් ඇසට යම් අනතුරක් සිදු වුවහොත් නිරහාරව රෝහල වෙත ඇතුළත් වන්නැයි අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය කේ.ආර්. දයාවංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අනතුර හේතුවෙන් ඇසට යම් සැත්කමක් කිරීමට අවශ්‍ය වුවහොත් කෑම කා සිටින විට එය කළ නොහැකි බැවින් නිරාහාරව රෝහලට පැමිණෙන ලෙස විශේෂඥවරයා දැනුම් දි සිටියි.
ඇතැම් පුද්ගලයින් අනතුරක් සිදු වු විට රෝහලේ කන්න නැතැයි සිතා බඩ පිරෙන්නට ආහාර ගෙන රෝහල් ගත වන අවස්ථාවන් තිබෙන බවත් එවන් විටක එම පුද්ගලයාව හදිසි සැත්කමකට ලක්කිරීමට නොහැකි බවත් හෙතෙම පෙන්වාදේ.
තවද ඇසට යම් අනතුරක් සිදුවූ විට ඇස පොඩි කිරිම, ඇසට පීඩනය ගෙන දෙන කටයුතු නොකිරිම හා විවිධ ඖෂධ වර්ග ඇස් නොදැමීමට වගබලා ගත යුතු යැයිද වෛද්‍ය දයාවංශ පවසා සිටියි.
කෙසේ නමුත් මේ අවුරුදු සමය තුළ නිවසේ දරුවන්ට රතිඤ්ඤා ගෙන නොදීමට වැඩිහිටියන් වගබලා ගන්නේ නම් රතිඤ්ඤා අනතුරු වලින් දරුවන් මෙන්ම වැඩිහිටියන් ආරක්ෂා වන බව විශේෂඥවරයා සඳහන් කරයි.







