බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා… ජනපති කියයි!

by editor
මාර්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එම පනතට අදාළ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා ඉදිරියේදී විපක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (23) පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේද කියා සිටියේය.

අපි මීට වසරකට පෙර බංකොලොත් රටක් බවට පත් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අපේ ණය හිමියන්ගේ සහයෝගය ඇතිව අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට සිදු වූ පළමු අවස්ථාව මෙයයි. මෙය ආරම්භය පමණයි. IMF සහයෝගය පිළිබඳ මූල්‍ය සහතිකය ලැබීමෙන් පසු අපේ රට තවදුරටත් බංකොලොත් රාජ්‍යයක් ලෙස සලකන්නේ නැහැ. දැන් අපි මීළඟ අදියරට යා යුතුයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අපගේ සියලුම ණය හිමියන් එනම් බහුපාර්ශ්වික ණය හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමයි. පුද්ගලික ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීම වඩාත් දුෂ්කරයි. නමුත් අපි ආපසු හැරී නොබලා විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතුයි. එබැවින් මෙය අවසානය නොවෙයි. එක් අතකින් ආරම්භය පමණයි. අපි ඊළඟට ණය දෙන්නන් සමඟ ද සාකච්ඡා කළයුතුයි.

ණය හිමියන් සමඟ සාකච්ඡා කරන අතරම, අපට වසර හතරක වැඩසටහනක් ද තිබෙනවා. ඒ නිසා තමයි මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේ මේ ගිවිසුම සඳහා මට අනුමැතිය ලබා දෙන්න කියලා. එය නීතියෙන් කිරීමට මට අවශ්‍ය නැහැ. නමුත් මෙම ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අපිව තවත් ශක්තිමත් කරනවා. ජනතාව ඒ සඳහා දැනටමත් ඡන්දය ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගිවිසුමේ ඇතුළත් මූලධර්මය රට පිළිගෙන ඇති බව ණය හිමියන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා. එබැවින් පළමුව, එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වන නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පමණක් සීමා නොවී එය අපගේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බවට පත්කරගත යුතුයි.

පළමුව, අපට මූල්‍ය ස්ථාවරත්වයක් තිබෙනවා. අපි මෙම ක්‍රියාවලිය හරහා අපගේ ආදායම වැඩිකරගත යුතුයි. මෙය ඉතා දුෂ්කර යුගයක් වන අතර අපි රජයේ වියදම් ස්ථාවර කරගත යුතුයි. මන්ද එය රජයේ වියදම්වල ස්වභාවය සහ අපට ඇති ආදායම විස්තර කරන නිසයි

අපේ ඉලක්කය වන්නේ රජයේ අයවැය වඩාත් හොඳින් පාලනය කිරීමයි. නමුත් මෙය අපට ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කිරීම හා ආදායම් වැඩි කිරීමක් තහවුරු කරනවා. අප විසින් සිදු කරන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් අපට ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීමට හැකි වන බව අප මතක තබා ගත යුතුයි.

අපි විවිධ ආයෝජන ක්ෂේත්‍ර, නිෂ්පාදන සඳහා අමතර විදේශ ආයෝජන පිළිබඳව ද සොයා බලමින් සිටිනවා. එයින් අදහස් වන්නේ අප ඉදිරියටම යා යුතු බවයි.

දෙවනුව කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සිදු කළයුතුයි. තෙවනුව ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. සංචාරක කර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය නිසැකවම වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම සිදු කළ යුතුයි. ඒ තුළින් අපිට නව ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට හැකි වෙනවා.

මගේ අරමුණ තවත් වසර 25කින් ඒ කියන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කිරීමයි. එකතැන පල් වූ ආර්ථිකයක් සමඟ අපට ඉදිරියට යා නොහැකියි. අපේ රටේ සිදු වූ සියලු ගැටලු මේ ප්‍රශ්නයට සම්බන්ධ බව අප සිහිතබා ගත යුතුයි.

1971 දී විරැකියාව සම්බන්ධව මතු වූ ගැටලුව මෙන්ම, 1983 භාෂාව පමණක් නොව, දෙමළ තරුණයින්ට රැකියාවක් නොතිබීම නිසා ගැටලු මතු වුණා. 1989 දී ද සිදු වුයේ එයයි. අපට ඕනෑවට වඩා ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධනයක් නොමැතිකම හා අස්ථාවරත්වය හමුවේ ලේ වැගිරීම් සිදු වුණා. දැන් අපිට අලුතින් පටන් ගැනීමට අවස්ථාව තිබෙනවා.

එය ඓතිහාසික ක්‍රියාවලියක්. මම ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු ඕනෑම අවස්ථාවක නිලධාරින් සමග කතා කර දැනගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව තිබෙනවා.

නමුත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන තීරණය වන්නේ මෙම ගිවිසුම සමග අප ඉදිරියට යනවාද, නැද්ද කියන කරුණ සමග බව අමතක නොකළ යුතුයි. අප එසේ නොකළහොත් අනාගත පරපුර අපට ශාප කරාවි. එබැවින් අපගේ ආර්ථිකය තුළ මෙම දීර්ඝකාලීන වෙනස්කම් සිදු කරමින් සියලුදෙනාගේ ජීවිත පහසු කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

අපි පළමු කාර්යය ලෙස මෙම ගිවිසුම අනුමත කරලා, ඊළඟට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යමු. ණය ගෙවන විදිහ දැන ගන්න පුළුවන් වෙන්නෙ ඊට පසුව තමයි. අපේ වැඩසටහන් අවසන් කරලා නැහැ. ඇයි අවසන් කළේ නැත්තෙ? ඒක දේශපාලනයට යටවුණා. එහෙම නැත්නම් ජනමතයට යට වුණා. ජනමතය ඇති කළේ ජනමාධ්‍යයයි. මේ වතාවේ මෙම වැඩසටහන සාර්ථක කර ගන්න මාධ්‍යයේ සහාය ලබා දෙන්න.

එපමණක් නොවෙයි එම්සීසී ප්‍රදානය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට යන විට ඇතැම් පාර්ශ්ව එමගින් රට බෙදන බවට චෝදනා කළා. අයිඑම්එෆ් එන විට කිව්වා අපි බටහිරට යටත් වෙනවා කියලා. ඉතිං මේ විදියට කරගෙන යන්න අමාරුයි. ඒ නිසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 17 වැනි වැඩසටහන සාර්ථක කර ගැනීමට එක් වෙන්න කියලා මාධ්‍යවලින් ඉල්ලා සිටියේ.
මේ ක්‍රියාවලිය ඉතාම දුෂ්කරයි. අපි හැම දෙනාටම එය දැනෙනවා. මෙය අවුරුදු හතරක ක්‍රියාවලියක්. එය 2026 දී අවසන් වෙනවා. මගෙත් එක්ක ගොඩක් දුරගිය අය, මගේ ප්‍රතිපත්ති හරි කිව්ව අයත් දැන් මට විරුද්ධව කතා කරනවා.

ඉතිං විරුද්ධව හිටපු අය එකතු වෙන එක පුදුම විය යුතු දෙයක් නොවෙයි. අපි එකක් මතක තියා ගත යුතුයි. අපි දැන් අමාරු තැනක ඉන්නෙ. පරණ සෙල්ලම් ආයේ කරන්න බැහැ. පරණ සෙල්ලම් දැම්මොත් ආයෙත් වැටෙනවා. ඒ නිසා අතීතය අමතක කර අපි ඉදිරියට යමු.

අපි හැමෝම වැරදි කළා. දැන්වත් මේ සමඟ එකඟ වෙලා අපට සහාය ලබා දෙන්න. මේ ලැබුණු මුදල් අරගෙන මේ මාසේ පඩි ගෙවනවා. ඒක හොරකම් කිරීමක් නෙමෙයි. හොරකම් කියන කතාව නිසානෙ මේවා නැති වුණේ. එවැනි කතා පතුරවන්න එපා. ඔය කියන අය මීට වඩා හොරකම් කරනවා. ඔය ඉන්න අයට වඩා මගේ වැටුප අඩුයි. අපි ආකල්ප වෙනස් කරගත යුතුයි.

මං ආවේ හොරු ආරක්ෂා කරන්නයි කියලා චෝදනා කළා. නමුත් අපි අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කර දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගෙන එනවා. විපක්ෂය කෑ ගැහුවට කිසිවක් ගෙනාවේ නැහැ. අධිකරණ ඇමැති මේ ගැන විපක්ෂය සමගත් සාකච්ඡා කරයි.

අප මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෑම පක්ෂයකම සහාය ලබා ගන්නයි. කාටවත්ම මේකට විරුද්ධ වෙන්නත් බැහැ. අලුත් නීති කිහිපක් ගෙන ඒමටත් තිබෙනවා. නව පියවර ගණනාවක් අපි අරන් තිබෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෘත්තීය සමිති කරමින් පඩි ගන්න කඩාකප්පල්කාරයින්ට වැටුප් වර්ධක ප්‍රසාද දීමනා නෑ… විදුලි බල හා බලශක්ති ඇමති කියයි!

Next Post

නොමිලේ ලබා දුන් NAITA පාඨමාලා විකුණන්න එපා… විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.