මින් මතු විදුලි බල මණ්ඩලයේ සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති කරමින් පඩි ගන්නා, කඩාකප්පල්කාරී කටයුතු කරමින් ආයතනය ව්‍යසනයට ලක් කරනා කිසිවෙකුට ප්‍රසාද දීමනා හෝ වැටුප් වර්ධක නොලැබෙන ආකාරයට කාර්යක්ෂමතාවය පමණක්ම පදනම් කරගත් වැටුප් වර්ධක සහ ප්‍රසාද දීමනා ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය යටතේ ඇති විදුලි බල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ස්ථාන මාරුවීම් මණඩල සඳහා වෘත්තීය සමිතිවලට නම් වාඩි වෙන්න නොදෙන බවද ඇමතිවරයා අවධාරණය කළේය.
ගුරු මාරු මණ්ඩලවලින් වෘත්තීය සමිති නායකයින් ඉවත් කිරීම ඉතා උචිත කටයුත්තක් බව කී ඇමතිවරයා ජෝසප් ස්ටාලින් වසර 30ක් උගන්වා නැති බවත්, මහින්ද ජයසිංහ වසර 23ක් උගන්වා නැති බවත්, මේ මිනිස්සුන් රජයෙන් පඩි ගනිමින් උගන්වන්නේ, කඩාපල්ලකාරීකම්, කුහකකම් සහ ත්‍රස්තවාදය බව පැවසුවේය.
එවැනි අවස්ථාවන් තමන්ගේ අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිතිවලට නොලැබෙන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.
“විදුලිබල මණ්ඩලයට මම කිව්වා සාමුහික ගිවිසුම්වලින් අයින් වෙනවා කියලා. ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙත් අපි ඒක කිව්වා. ඇයි ඒ.”
“වැඩට එන මිනිහටයි, නැති මිනිහටයි, වෘත්තීය සමිති කරන මිනිහටයි, කාර්යක්ෂමව වැඩ කරන මිනිහටයි, එක දවසක්වත් වැඩ නොකර කඩාකප්පල් කරන මිනිහටයි හැම මිනිහටම අවුරුදු තුනේන තුනට සියයට විසිපහකින් පඩි වැඩිවෙන්න ඕන ද?.”
“හැම මිනිහටම අප්‍රේල් මාසෙයි දෙසැම්බර් මාසෙයි බෝනස් එකක් එලවන්ස් එකක් දෙන්න ඕන ද?.”
“ නෑ… අපි කිව්වා කාර්යක්ෂමතාවය පදනම් කරගත්ත වැටුප් වර්ධක සහ උසස්වීම් දෙන්නෙ කියලා. අප්‍රේල් මාසයෙයි දෙසැම්බර් මාසයෙයි ආයතනයක ඉන්න විසිහතර දාහටම ලැබෙන්න ඕන නෑ ප්‍රසාද දීමනා . ඒක වෙන්න ඕන කාර්යක්ෂමතාවය මත.”
“එතකොට තමයි ඒ නිලධාරින්ටත් තේරෙන්නෙ තමන්ටත් යන්න ගමනක් තියනවා කියලා. මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරමින් අපි කරන්නෙ අන්න ඒ විදිහට කාර්යක්ෂමතාවය වැඩි කරන එක. “
ඇමතිවරයා කීවේය.