කුරුඳු පොලු දුන්නාට කිසිම අවස්ථාවක එ්වා පාවිච්චියට නොගන්නා ලෙසත් අනීතික නියෝග ක්‍රියාත්මක නොකර ගෙදර යන්නේ නම් නිසැකවම ඉඩ ලැබෙන පළමු අවස්ථාවේ දීම සියලුම හිඟ පැටුප් සමග ඔවුන් සේවයේ පිහිටුවන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කුරුඳුපොලු හමුදා අමතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ෆීල්ඩ් මාර්ෂල්වරයා කීවේ පසුගිය අවුරුද්දේ 1000ක් පොලිස් නිලධාරීන් සේවය හැර ගොස් ඇති බවත් පසුගිය මාස දෙකට පමණක් 200ක් පොලිසිය අත්හැර දමා ගොස් ඇති බවත්ය.
මේ බහුතරයක් දෙනා දෙන අශිෂ්ට නියෝග පිළිපැදීමට බැරිකමින් සේවය හැර ගිය පුද්ගලයින් බව මන්ත්‍රීවරයා කීවේය.
යුද හමුදාවේ 25000 දෙනා පසුගිය වසර දෙකට සේවය හැර ගොස් අති බව කී ෆීල්ඩ් මාර්ෂල්වරයා පෙන්වා දුන්නේ යුද සමයේදීවත් මෙසේ හමුදාව හැර දා ගියේ නැති බවය.
අනීතික නියෝග පිළිපදින්නේ නැතිව ගෙදර ගොස් අවුරුදු දෙක්ක ඉන්න. ශ්‍රී ලංකා යුද හමුදාවේ ගෞරවනීය බව රැකුනේ දහස් ගණනක් සෙබලු ජීවිත පූජාවෙන් දුන් ජීවය නිසා. අවුරුදු දෙක්ක රස්සාව නැතිව ඉන්න. අපි ඔබව සියලුම හිඟ වැටුප් එක්ක යළි සේවයේ පිහිටුවනවා.”
ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. කැප කිරීම් කරන්නෙ නැතිව කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ. ආත්මාර්ථකාමී වෙන්න එපා. ජනතාව විදිහට කැප කිරීමක් කරන්න අත්‍යාවශ්‍යයයි. ලක්ෂ ගණනින් වීදි වලට බසින්න. මේ දූෂිත දේශපාලකයින්ට එරෙහිව හඬ නගන්න. තවදුරටත් විරුවො හොයන්න යන්න එපා. . දූෂිත පාලකයින්ගේ වියරුවට බිය නොවී විදී බැස සාමකාමීව උද්ඝෝෂණ කරන්න. විරෝධතාවය ප්‍රකාශ කරන්න. එහෙම නැතිව කවදාවත් මේ රට මේ දූෂිතයින්ගෙන් බේරගන්න බෑ…”
එමෙන්ම දැන් රට බංකොලොත් නැතිනම් ආර්ථිකය ශක්තිමත් නම් මුලින්ම කළ යුත්තේ මුදල් නැති බව කියමින් කල් තැබූ ඡන්දය පැවැත්වීම බව ද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දුන්නේය.