NAITA ආයතනය යටතේ පවතින කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය විසින් මීට පෙර කිසිදු අය කිරීමකින් තොරව ඉංජිනේරුවන් බිහි කිරීමේ පාඨමාලා රැසක් ක්‍රියාත්මක කළත් මේ වන විට රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අය කිරීමට නියමිත බවත් මෙය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන මරු පහරක් බැවින් මෙය නතර කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
වසර 35ක් පුරා ඉංජිනේරුවන් දස දහසකට ආසන්න සංඛ්‍යාවක් දැයට දායාද කළ මේ ආයතනය කිසිදු අවස්ථාවක පාඩු ලබන ආයතනයක් නොවන බැවින් මෙවැනි මුදල් අය කිරීම් සුදුසු නොවන බව විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලය රටට ණය වෙන ආයතනයක් නොවන බවත්, රටට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමේ ක්‍රමවේදවලටත් සහය දක්වන ආයතනයත් බවත් ඔහු සඳහන් කළේය. එම ආයතනය මෙරටට ඉංජිනේරුවන් බිහි කරන දෙවන ප්‍රධානතම ආයතනය වන අතර එයින් බිහිවූ ඉංජිනේරුවන් මේ වන විටත් විදුලි බල මණ්ඩලයේ, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතනවල සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
“2023 ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ, ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සඳහා නව සිසුන් බඳවා ගැනීම සඳහා වන ගැසට් පත්‍රයේ අංක 2311, 2022 දෙසැම්බර් 16 නිකුත් කරලා එහි 12 වෙනි වගන්තියේ තියෙනවා මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රජය විසින් නිකුත් කරන අවම ගාස්තුවකට යටත් විය හැකිය. එසේ වුවහොත් එම ගාස්තුව ඉදිරියේදී දැනුම් දෙනු ඇත කියලා. මීට පෙර නොමිලේ මේ පාඨමාලාව හැදෑරු තත්ත්වය වෙනස් කරලා හැම ශිෂ්‍යයෙක්ගෙන්ම දෙලක්ෂ විසි පන්දහක් අය කරන්න ලෑස්ති වෙනවා.”
“පුවත්පතක වාර්තා කරලා තිබ්බා දැනට විදුලි බල මණ්ඩලයෙන් විතරක් දිනකට ඉංජිනේරුවන් 5ක් රට අතහැර යනවා කියලා. බුද්ධිගලනයත් එක්ක ඉංජිනේරුවන් රැසක් රටෙන් යනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ රටේ ඉංජිනේරු පද්ධතිය නිර්මාණය කරන්න ලොකු දායකත්වයක් ලබාදෙන මෙම ආයතනය මුදල් ලබා නොගෙන එලෙසම ක්‍රියාත්මක කරන්න කියලා..”
විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය