රජයක් තිබෙන්නේ ව්‍යාපාර කරන්නට නොව, රටේ ජනතා සුබ සිද්ධිය සකසමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බවත් ව්‍යාපාර කළ යුත්තේ ව්‍යාපාරිකයන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.
අද ජන මාධ්‍ය ප්‍රධානීන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා පමණක් නොව, ලාභ ලබන ආයතන ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇත්තේ කුමක් නිසාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ රජය ව්‍යාපාර කළ යුතු බවට කිසිම නීතියක් නැති බවය.
රජය කළ යුත්තේ පුද්ගලික අංශවලට ව්‍යාපාර කිරීමට දී බදු අයකරගැනීම බව ද ජනාධිපතිවරයා කීවේය.
එහි දී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
ඇයි රජය ව්‍යාපාර වල ඉන්නෙ. ඒක රජයේ වැඩක් නොවෙයි. ඩී එස් සේනානායක මැතිතුමාගේ කාලයෙ ඔය වගේ වැඩ තිබුනේ නැහැ. ඒත් රටේ සල්ලි තිබුණා. එදා එංගලන්තයටත් ණය දීලා ගල්ඔය ව්‍යාපාරය හදන්නත් රටේ සල්ලි තිබුණා.
ෙදැන් අපි චීනයෙන් සල්ලි ඉල්ලා ගන්නවා මොරගහකන්ද හදන්න. රාජ්‍ය ආයතන ව්‍යාපාර කළ යුතුයි කියලා කුමන රටේද නීතියක් තිබෙන්නේ. අපි යන්නේ රටක් හැටියට සීග්‍රයෙන් දියුණු වෙන්න. අපි විතරයි රටක් හැටියට මේ රාජ්‍යය ව්‍යාපාර කරන්න ඕන කියලා කියන්නේ.ෙරජය තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අද හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවද? අපි අධ්‍යාපනයට වඩා ගිය අවුරුද්දෙ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවලා තියෙනවා. අධ්‍යාපනයට වඩා විදුලි බල මණ්ඩලයට ගෙවලා තියෙනවා. ඩී එස් සේනානායක අගමැතිවරයා කාලයෙ මේ එකක් වත් තිබුනේ නැහැ.
පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කරනකොට එකේ බදු රජය ලබාගන්නවා. එංගලන්තෙ ටෙලිකොම් එක අයිති කාටද. පෞද්ගලික අංශයට. ප්‍රංශයේත් ඇමරිකාවේත් එහෙමයි. අපිත් එලෙස දියුණු විය යුතුයි. නැත්තම් උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනේ. ඒ දෙකෙන් මොකක්ද කැමති කියලා මට කියන්න.







