හැටන් රංජිත් රාජපක්ෂ –
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන්ගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක දී අද (23) දින පැවැත්විණ.
ජීවන් තොන්ඩමන් ගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත එන්නියකි. සීතායි ශ්‍රී නාච්චියාර් නැමති ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියකි.
ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ මෙන්ම හිටපු මැති ඇමතිවරු රැසක් සහ ඉන්දියාවේ මැති ඇමතිවරු රැසක් ද එක් වී සිටියහ.

ජීවන් තොණ්ඩමන්ගේ මව සහ පවුලේ සාමාජිකයන් රැසක් සහ මෙරට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ නායකයින් රැසක් විවාහ උත්සවයට එක් වී සිටි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය කීවේය.
ඉන්දියාවේ විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ජීවන් තොන්ඩමන් මෙරටට පැමිණිමෙන් අනතුරුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙදි හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්වීමට කටයුතු කරනු ඇත.







