තොටලග කේන්ද්‍ර කරගත් මත්කුඩු ජාවාරම්කාරියක් අධිකරණ නියෝගයකට අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය හමුවේ ඊයේ (26) පෙනී සිටීමට නියම වී තිබුණු අතර මේ සඳහා ඇය පොලිසියට පැමිණ ඇත්තේ නීතීඥවරුන් රැසක් පිරිවරාගෙන බව ඉහළ පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
ඊට අමතරව ත්‍රී රෝද රථ 15 කින් පමණ එම ප්‍රදේශයේ පිරිසක් පැමිණ පොලිසීය ඉදිරිපිට රැදී සිටිමින් එහි සිදුවන දේ සිය ජංගම දුරකතනවලින් වීඩියෝගත කරමින් ඇයට යම් ආරක්ෂාවක් සපයා ඇතැයිද එම නිලධාරියා ලංකාසර ට පැවසීය.
ත්‍රී රෝද රථවලින් පැමිණි පිරිස ඇය පොලිස් ස්ථානයට පැමිණෙන අවස්ථාවේ සිට පිටවන අවස්ථාව දක්වා සියල්ල වීඩියෝ ගත කර ඇති අතර ඇය පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේත් නැවත පිටව ගොස් ඇත්තේ ද මෙම ත්‍රී රෝද රථවලින් එකිනෙකට මාරුවෙමින් බවට තොරතුරු ලැබී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටින මෙම කන්තාව මේ වන විට කොළඹ නගරයේ සිටින අංක එකේ මත්කුඩු ජාවාරම්කාරිය බවට ද බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.









