දිනසේන රතුගමගේ:
මුලතිව් මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ මසුන් මරණ දේශීය ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නව නාවික හමුදාපතිවරයාගෙන් 25 දා ඉල්ලීමක් කොට තිබේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ධීවර සමීතිවලට අයත් නොමැති ධීවරයින් කණ්ඩායම් වශයෙන් මුලතිව් මුහුදු සීමාවට පැමිණ තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් මැරීමේ කටයුතුවල නිරතවන බවයි.
මේ නිසා විධිමත්ව හා නීත්‍යානුකුලව ධීවර කටයුතු වල නිරතව සිටින මුලතිව් ඇතුළු උතුරේ ධීවරයින්ට සතියකට මාලු කිලෝග්‍රෑම් 3000 ක් පමණ අහිමි වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
උතුරු පළාතට මේ අනවසර ධීවරයින් පැමිණෙන්නේ නැගෙනහිර හා දකුණු ප්‍රදේශයෙන් බවට උතුරේ ධීවරයන් අමාත්‍යවරයාට පැමිණිලි කොට තිබේ.