දිනසේන රතුගමගේ:
හිටපු කර්මාන්ත අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීම සඳහා අද (27) දා උදැසන 10 ට වවුනියාව ඊර්ට්ටපෙරියකුලම පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය වෙත පැමිණියේය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත කරන ලද නොතීසියකට අනුව හිටපු අමාත්‍යවරයා අද දින මෙසේ ප්‍රකාශයක ලබා දීමට පැමිණ සිටියේය.
ඔහු සමග කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් ද පැමිණ සිටියහ.
මේ වනවිට ඔහුගෙන් කට උත්තර ලබාගැනීම ආරම්භ කොට තිබේ.
මේ අතර සවස් කාලයේදී රිෂාර්ඩ් බදුයුදීන් වවුනියාව ඊරට්ටපෙරියකුලම ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක්ද සංවිධානය කොට තිබේ.







