දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ චෙන්නායී සිට මන්නාරමට තේකොළ ප්‍රවාහනය කරණ මුවාවෙන් රුපියල් කෝටි හතක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රැම් 4.23 ක් ප්‍රවාහනය කිරීමට තැත් කළ කාන්තාවක් හා තවත් පුද්ගලයින් තුන් දෙනෙකු චෙන්නායී පොලීසිය විසින් ඊයේ ( 3 ) අත් අඩංගුවට ගෙන තිබේ.
තේ කොළ පැකැට් ලෙස අසුරන ලද එම අයිස් මත්ද්‍රව්‍ය තොගය වෑන් රථයකින් රාමෙස්වරන් වෙත රැගෙන විත් එතැන් සිට බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමට එවීමට සැලසුම් කොට තිබූ බව චෙන්නායී පොලිසිය සදහන් කොට තිබේ.
අත් අඩංගුවට පත් හතර දෙනාගෙන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර කාන්තාව හා පිරිමි පුද්ගලයෙකු ඉන්දීය ජාතිකයෝ වෙති.
සැකකරුවන් හතර දෙනා චෙන්නායී අධිකරණයට ඉදිරිපත් කිරීමට චෙන්නායී පොලිසිය පියවර ගෙන තිබේ.