ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරතව සිටි රැඳවියකු උණ රෝගය වැළඳී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ යක්කලමුල්ල,කොට්ටවගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවනඅයෙකි.
මොහු බන්ධනාගාරගතව සිටියදි උණ රෝගය වැළඳී ඇති අතර කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
මේ වනවිට උණ රෝගය වැළඳීමෙන් තවත් රැඳවියකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
මියගිය රැදවියාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (04) ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ දි පැවැත්වනු ඇත.
ගාල්ල බන්ධනාගාරය තුළ බන්ධනාගාර ධාරිතාවය අනුව රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව 120කි.
එහෙත් මේ වනවිට රැදවියන් 998 දෙනෙකු රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. බන්ධනාගාරය තුළ පවතින අධික තදබදය නිසා උණ රෝගය වැනි බෝවන රෝග සිග්යෙන් පැතිරි යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි