දිනසේන රතුගමගේ
උතුරේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත්වන ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඔහුට ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ නියත වශයෙන්ම පූර්ණ සහයෝගය ලබා දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් මන්තත්‍රීවරයා පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරය පිළිබඳව යාපනයේ මධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඊයේ (03) සවස මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේය.
තව දුරටත් මෙහිදී අදහස් දක් වූ විග්නේස්වරන් මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරේ දෙමළ ජනතාවට ලබා දී ඇති පොරොන්දු ඉටු වන ආකාරයට ජනාධිපතිවරයා සිය උතුරු සංචාරයේදී සංවර්ධන කටයුතු දියත් කළ යුතුව ඇති බවයි.
උතුරේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ තවමත් නිදහස් කිරීමට ඇති බවත් රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි කොට සිටින පිරිස් ඉවත් වීමත් වහාම සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
උතුරේ දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති සෙසු ප්‍රශ්න හා ගැටලු ඉතා පහසුවෙන්ම විසදිමට හැකි බව කී විග්නේස්වරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයේදී ඔහු දෙමළ ජනයාට ලබා දෙන සහන හා විසදුම් දෙස දෙමළ දේශපාලන පක්ෂ ඉතා ඕනෑකමින් බලා සිටින බවද සදහන් කළේය.