ඉන්ධන අර්බුදය සම්බන්ධව විසඳුම් සෙවීම සඳහා කටාර් රාජ්‍යයේ සංචාරය කරමින් සිටින බලශක්ති ඇමති කාංචන විජේසේකර එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති සහ කටාර් බලශක්ති සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක සාද් ෂෙරීඩා අල් කබී හමුවූ බව ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා කටාර් බලශක්ති සහ කටාර් සංවර්ධන අරමුදලේ සහාය ඇතිව එල්.එන්.ජී, එල්.පී ගෑස්, සහ පෙට්‍රෝලියම් නිශ්පාදන ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළ බව ඇමතිවරයා පවසයි.
Met with HE Saad Sherida Al-Kaabi, the Minister of State for Energy Affairs and the President and CEO of Qatar Energy to discuss the supply of Petrolieum Products, LPG and LNG to SL to overcome the Energy crisis with the assistance of Qatar Energy and The Qatar Development Fund. pic.twitter.com/jLQPqssSon
— Kanchana Wijesekera (@kanchana_wij) June 28, 2022