බදුල්ල, තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පළාගිය රැඳවියන් 09 දෙනාම සොයාගෙන තිබේ.
විශෝධන මධ්‍යස්ථානය ආසන්න රක්ෂිතයේ සැඟව සිටියදී මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක සඳහන් කළේය.
ඊයේ අලුයම මෙසේ පලා ගොස් තිබුණේ බදුල්ල, තල්දෙණ තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රාමසාන් උපවාසයේ නිරතව සිටි රැඳවියන් 9 දෙනෙකි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ පළාගිය රැඳවියන් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හේතුවෙන් පුනරුත්ථාපනය වෙමින් සිටි පිරිසක් බවය.







