උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) සිට අලුත් වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර ඇතැයිවිදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පැවසීය.
පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබුණි.
ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත් යතුරු පැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා පියවර ගත්තේය.
බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත් මෝටර්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත් ලොරිරථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත් වෑන්රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා වු අගයකින් ඉහළ දැමුණි.
ඒ අනුව මේ සතිය තුළත් එම කෝටාව ඒ ලෙසම පවතිනු ඇත.