වෛද්‍ය අධිකාරිවරයෙකු සේවයේ නිරතව සිටියදී තෙල්දෙණිය මූලික රෝහලට තවත් වෛද්‍ය අධිකරිවරිවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත්කර එවා ඇත.
මේ හේතුවෙන් රෝහලේ පරිපාලන කටයුතු දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරිවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට විනය පරීක්ෂණයක් සිදු කෙරෙමින් ඇත.
තෙල්දෙණිය රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස කලක පටන් කටයුතු කර තිබෙන්නේ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ ය. ඔහු තනතුරේ සිටියදීම මෙයට දින කිහිපයකට පෙර වෛද්‍ය ප්‍රසාද් වැලිවිට ආදළ ධූරයට පත්කර තිබේ.
මේවන විට වෛදවරු දෙදෙනාම වෛද්‍ය අධිකාරි තනතුරේ රාජකාරී ආවරණය කරමින් සිටින බව වාර්තා වෙයි.
රෝහලේ වෛද්‍ය අධිකාරි නිල කාමරය ඉමේෂ් ප්‍රතාපසිංහ භාවිත කිරීම හේතුවෙන් අලුතින් පත්ව ආ වෛද්‍ය අධිකාරිවරයාට ඒ අසළ වෙනත් කාමරයක සිට රාජකාරි ආවරණය කිරීමට සිදුව ඇත.
තෙල්දෙණිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි තුනතුරට වෛද්‍යවරු දෙදෙනෙක් පත්කර තිබෙන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අද (25) උපදෙස් ලබාදී තිබේ.







